ශ්රී ලංකා නාවික හමුදාවේ 23 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (14) පොලිස් මූලස්ථානයේ දී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හමුවිය.
එහිදී පොලිස් විශේෂ සම්මාන උත්තමාචාරයක් මගින් නාවික හමුදාපති පොලිස් මූලස්ථානය වෙත පිළිගන්නා ලදී.
නාවික හමුදාපති ධූරයේ වැඩ බාර ගැනීමෙන් පසුව නාවික හමුදාපතිවරයා පොලිස්පති හමු වූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.
පොලිස්පතිවරයා විසින් නාවික හමුදාපති වෙත සුබ පැතුම් එක් කළ අතර, කාලීන වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය.
මෙම අවස්ථාව සංකේතවත් කරනු වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලද අතර, එම අවස්ථාව සඳහා පොලිස් මුලස්ථානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් පිරිසක් ද සහභාගි වී සිටියහ.
(28535)
ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නාවික හමුදාපති පොලිස්පති හමුවෙයි
nihal Monday, 14 January 2019 07:45 PM
ත්‍රිවිද හමුදාව යනු පොලිසියට ඉහලින් තිබිය යුතු ස්ථාන වේ ...වරද හා දඩුවම අනුව සිවිල් නීතියට හා හමුදා නීතියට හමුදාවන් යටත් බව ඇත්ත .....නමුත් නේවි කොමාන්ඩර් මෙසේ යායුතු නැත ...කොතැනක හෝ වැරදීමක් ඇත ....මෙය මගේ අදහසක් පමණයි ......