IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නාවික සෙබලා නිලධාරිනියකට, සෙබලියකට අසැභි දර්ශන යවලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නාවික හමුදාවේ උසස් නිලධාරිනියකට සහ සාමාන්‍ය සෙබලියකට වට්සැප් තාක්ෂණය ඔස්සේ අසභ්‍ය දර්ශන යොමු කර ලිංගික ක්‍රියාවන් සඳහා ඇරයුම් කර තර්ජනය කළ හිටපු නාවික සෙබළුකු අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරු එම ක්‍රියාව සඳහා යොදාගත් ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන ඇත.

නොහඳුනන පුද්ගලයකුගෙන් ලිංගික ක්‍රියාවන් ඇතුලත් දර්ශන වට්සැප් තාක්ෂණය ඔස්සේ තම ජංගම දුරකථනයට යොමු කර ලිංගික ක්‍රියාකාරකම් සඳහා ඇරයුම් කරන බව නාවික හමුදාවේ සාමාන්‍ය සෙබළියක් පරිගණක අපරාධ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ලැබී තිබූ බව පොලිසිය කියයි.

එහිම උසස් තනතුරක් දැරූ නිලධාරිනියක් තමන් සමීපව ඇසුරු කර ඉවත් වූ නාවික හමුදා සෙබලෙකු තමන්ගේ නිරුවත් දර්ශන පුද්ගලයන් කීප දෙනෙකු වෙත වට්සැප් තාක්ෂණය ඔස්සේ යොමු කර ඇති බවත් ඔහු එම දර්ශන තවත් පුද්ගලයන්ට යොමු කරන බවට තර්ජනය කරන බවත් පවසමින් පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය කියයි.

අදාල පැමිණිලි සම්බන්ධයෙන් නවීන තාක්ෂණය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී මෙම ක්‍රියාකාරකම් දෙකම දකුණු පළාතේ පදිංචි එකම පුද්ගලයකු කරන බවට අනාවරණය වීමෙන් අනතුරුව සැකකරු පදිංචි ස්ථානය සොයාගෙන බලපිටිය ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 



අදහස් (0)

නාවික සෙබලා නිලධාරිනියකට, සෙබලියකට අසැභි දර්ශන යවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site