IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නවක වද සිද්ධියේ සිසුන්ට පොලිස් ඇප

(ෂේන් සෙනෙවිරත්න)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති දෙපාර්තමේන්තුවේ සිසුන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පීඨයේ සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හළ බව පේරාදෙණිය පොලිසිය කියයි.

පේරාදෙණිය විශ්ව විද්යාලයේ නවක වදයට එරෙහි සිසුන් පිරිසකට  ඉකුත් 14 වැනි දින එම පීඨයේ ආපන ශාලාවේ දිවා ආහාරය ගනිමින් සිටියදී එම පහරදීම සිදුව තිබේ.

පහරකෑමට ලක්වූ සිසුන්ගෙ ප්‍රකාශ අනුව එම පීඨයේ සිසුන් තිදෙනකු පන්ති තහනමකට ලක් කළ අතර පොලිසිය කරන ලද දැනුම්දීමකට අනුව එම සිසුන් තිදෙනා  පේරාදෙණිය පොලීසියට පැමිණ අද සවස බාරවී මෙන් පසු එසේ ප්‍රකාශ ලබාගැණිමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැර තිබේ.

මෙම දෙපාර්ශ්වය ඉදිරියේදී සමථමූල මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලිසිය කියයි.

 



අදහස් (7)

නවක වද සිද්ධියේ සිසුන්ට පොලිස් ඇප

sarath Wednesday, 21 September 2022 10:32 PM

මෙවැනි නිවටයින් හට සදාකාලික මහජන බදු මුදලින් නඩත්තු වන සරසවිවල අධ්‍යාපනය තහනම් කළ යුතුයි. එමෙන්ම, මොවුන්ට රටේ නීතිය අනුව දඬුවම් කළ යුතුයි...!

:       0       0

ravin Thursday, 22 September 2022 07:05 AM

හොඳ ආරම්භයක්. නීතිය උල්ලංඝණය කරලා දඬුවම් විඳලාම නීතිය ඉගෙන ගත්තම නීතිය පිළිබඳ අවබෝධය වැඩිවෙනවා නේද?

:       1       15

P. D Goonawardene Thursday, 22 September 2022 08:37 AM

කාලකණ්නි...!  පුළුවන් නම් පෞද්ගලික විශ්ව විද්‍යාල කළ යුතුයි.

:       0       0

Bunny Preena Thursday, 22 September 2022 09:01 AM

නවක වදය මනුෂ්‍ය සංහතියේ යහපැවැත්මට ලොකුම බාධාවක් සහ සමාජයට වැඩදායක විය හැකි වටිනා අහිංසක ජීවිත නිරපරාදෙ මරණයෙන් කෙළවරවීමක් සිදුවන මහා පිළිලයක්... හොඳම විසඳුම එම පිළිලයන් මුලිනුපුටා විනාශ කර දැමීමයි.

:       0       0

චින්තක Thursday, 22 September 2022 09:17 AM

ඇයි මේ අසහන කාරයින්ට ඇප දෙන්නේ? ආයේ විශ්ව විද්‍යාලේ පැත්තකටවත් යන්න ඉඩ තියන්න එපා...!

:       0       0

Kevin Thursday, 22 September 2022 01:54 PM

56ක් ගෙනිහින් පෙනේර වෙන්නම දුන්නා නම් හරි කැම්පස් උන්ට...කැම්පස් එක ඇතුලේන් එළියට ආවම බලු පැටව් වගේ... ඉගෙන ගන්න එකෙක්ට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ...අපි වගේ හිටියා නම් එකෙක් දෙන්නෙක් අඩි 6ක් යට...

:       0       3

sarath Thursday, 22 September 2022 05:10 PM

මේ අයට නිසි දඬුවම් නොදීම නිසයි මේ ප්‍රශ්නය ඔඩු දුවලා තියෙන්නේ... මොවුන්ව උසාවියකට ඉදිරිපත් කර රටේ දණ්ඩ නීතිය යටතේ දඬුවම් නියම කල යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site