(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය තවදුරටත් පහළ බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය සැප්තැම්බර් මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 1779 ක්ව පැවති බවත් ඔක්තෝබර් මාසයේදී සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1704 ක් දක්වා පහත බැස ඇති බවත් මහ බැංකුව සඳහන් කරයි.
මසක් ඇතුළත නිල සංචිත ප්‍රමාණය සියයට 4.2 කින් පහත ගොස් ඇති බවත් ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.8 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
181
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිල සංචිත වත්කම් තවදුරටත් පහත බසි
siri Saturday, 05 November 2022 11:47 AM
කයිවාරුවයි... බලේ රැඳෙන්න උප්පරවැට්ටියි ඇරුණාම රට ගොඩගන්න සැලැස්මක් නැති බවයි පේන්නේ..!
Bishan Saturday, 05 November 2022 12:26 PM
යහපාලනයෙන් ඩොලර් බිලියන 8ක සංචිත පොහොට්ටුවට ඉතිරි කර තිබුණා. බැසිල් කබ්රාල්, මහින්ද, ගෝඨා රෙජීමය පලා යනවිට ඩොලර් මිලියන 300 දක්වා සංචිත විනාශ කර තිබුණා. රටක් මෙහෙමවත් ඉතිරි වෙලා තියන එක පුදුමයි..!
samanSaturday, 05 November 2022 05:41 PM
ඔය "යහපාලන" සංචිත හදලා තිබුණේ ණයට ගත් මුදලින්...!
RohanaSaturday, 05 November 2022 06:15 PM
කබ්රාල් අන්තිමට මහ බැංකුවේ රන් සංචිත ටිකත් විකුණලයි පැනලා ගියේ. රට ඩොලර් නැතිව පීඩා විඳිද්දී කබ්රාල්ගේ වුවමනාවට අන්තිමට කවුරුත් විරුද්ධ වෙද්දී ඩොලර් මිලියන 500ක ණයකුත් ආපසු ගෙවලා දැම්මා. ඒ දවස්වල ඩොලර් නැතිකම නිසා පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගෑස් නැතිව ජනතාව පෝලිම් ගැසී අපමණ දුක් විඳපු බව කාටත් මතක ඇතැයි සිතමි...!
Bamunuarachchi Saturday, 05 November 2022 06:38 PM
නිල සංචිත වත්කම් බහින්නේ නැතුව තිබෙයිද මේ විදිහට පලතුරු පිටරටින් ගෙන්වනකොට. ටියුනීසියාවෙන් ගෙන්වපු පැකට් කරපු රටඉඳි චීනේ මිදි, නාරං මේ හැම දේම විකුණන්න තිබෙනවා. බෙහෙතක් ඉල්ලුවාම දැන් ගෙන්වන්නේ නැහැ කියනවා. කිලෝ එකකට රුපියල් 4000ක් දීලා මිදි කන මැට්ටෝ මේ රටේ ඉන්නවා...
සිල්වා Saturday, 05 November 2022 10:14 PM
ඩොලර් උපයන ක්‍රම සොයා ගනිල්ලා. එතකොට සංචිත වත්කම් නගීවි.
de silva Sunday, 06 November 2022 02:07 AM
කබ්රාල් හරියට කළා නම් 2020 IMF ගියා නම්, පැට්‍රාල්, ඩීසල්, ගෑස් නැතිවෙන්නේ නැහැ. එහෙම වුණා නම් සංචාරකයෝ එනවා. ආයෝජකයෝ එනවා. අපට විදේශ මුදල් ලැබෙනවා. ඩොලර් එක දෙසීයේ කෘතිමව හිර කරගෙන හිටියේ නැති නම් වැඩිම වුණොත් 250 ට නගීවි. එහෙම වුණා නම් කලු කඩේට යන්නේ නැතිව විදේශ ශ්‍රමිකයන් බැංකු හරහා මුදල් එවනවා. එහෙම නම් ඩොලර් එක මෙච්චර නගින්නේ නැහැ. එම කාලය තුළ කබ්රාල් නියෝජ්‍ය මුදල් ඇමතිකම සහ මහබැංකු අධිපති කම දැරුවා. මෙයා අනිවාර්යයෙන්ම මේකට වගකිව යුතු පුද්ගලයෙක්.