IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නිල සංචිත වැඩි කරන්න රජය ගත් තීරණය

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ නිල සංචිත ගොඩනැගීම අඛණ්ඩව සිදු කිරීම සඳහා විදේශ විනිමය රටින් පිටතට ගලා යෑම තවත් මාස හයකට සීමා කිරීමට රජය තීරණය කර ඇත.

ලබන 30 වැනි දා සිට මාස 6 ක කාලයක් සඳහා විදේශ විනිමය මෙරටින් පිටතට ගලා යාම සීමා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත .

පිටරට සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන ඩොලර් ප්‍රමාණය වැඩිවීමත් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් හේතුවෙන් මෙරට නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 දක්වා වැඩි වුවත් එය ප්‍රමාණවත් නොවන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඇති වීමට පෙර ඇමෙරිකානු ඩොලර් බිලියන 8.2 ක නිල සංචිත ශ්‍රී ලංකාව සතුව තිබූ බවත් මහ බැංකුව ඉදිරිපත් කළ ඉල්ලීමක් මත ලබන තිස් වෙනිදා සිට මාස 6 ක කාලයක් සඳහා මෙම සීමා කිරීම පැන වූ බවත් 
බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දී ඇත.

ඉලක්ක කර තිබෙන පරිදි එළඹෙන සැප්තැම්බර් මස ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සම්පූර්ණ කිරීමෙන් පසුව ප්‍රාග්ධනය පාලනය කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳ නැවත සලකා බැලීමට බලාපොරොත්තු වන බව ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය .



අදහස් (7)

නිල සංචිත වැඩි කරන්න රජය ගත් තීරණය

Rasika Wednesday, 14 June 2023 03:07 PM

ඒ කියන්නේ දැන්ම වාහන ගෙන්වන්නේ නැහැ...

:       3       17

kamal Wednesday, 14 June 2023 03:53 PM

ආර්ථික අර්බුදය ඇති වීමට පෙර ඇමෙරිකානු ඩොලර් බිලියන 8.2 ක නිල සංචිත බොහොමක් පිට රටින් ණයට ගත් ඩොලර්.

:       5       16

sena Wednesday, 14 June 2023 05:17 PM

මට තේරුම් ගන්න බැරි, බඩු ගන්නෙත් නැතිනම්, ණය ගෙවන්නෙත් නැතිනම් සංචිත වැඩි කිරීම නිසා ඩොලරයේ අගය පහත බසිනවා. එතකොට විදේශවල ඉන්න කට්ටිය සල්ලි එවන එක තවත් අඩුවෙනවා.

:       5       12

මදුෂා Wednesday, 14 June 2023 06:39 PM

මොනවා ගෙනාවත් වාහන නම් ගෙන්වන්න එපා...

:       4       19

Bamunuarachchi Wednesday, 14 June 2023 07:01 PM

බොහෝම හොඳයි ඒ ක්‍රියා මාර්ගය. තව අවුරුද්දකට සීමා කරන්න. රටට ගෙන්වන්න සහන සැලසූ භාණ්ඩ ලැයිස්තුවේ චොකලට් යෝගට් වගේ රටට කවදාවත් නොගෙන්විය යුතු භාණ්ඩ තිබුණා. ඒ නිසා භාණ්ඩ ගෙන්වීම තවදුරටත් සීමා කරන්න....

:       3       15

chandima Thursday, 15 June 2023 05:06 AM

වැඩිපුර සල්ලි එවන්න දෙන ඇමක් වෙන්න ඇති... එකපාරට රුපියල පහළ බැස්සනේ...!

:       0       0

prasanna Thursday, 15 June 2023 07:33 AM

අපි මොන විදිහේ යෝජනා ඉදිරිපත් කළත් ඇමැතිලගේ ව්‍යාපාරික යාලුවොත් එක්ක කතාකරලා තමයි ඔය තීන්දු තීරණ ගන්නේ.... මොවුන්ගේ හැටි ඔහොම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site