
(සමන් දිසානායක සහ බී.ඩබ්ලිව්.ඩී. ධර්මකීර්ති)
මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම නල්ලච්චිය වැවේ සොරෝව ලඟ වැව්බැම්මේ ගිලා බැසීමක් හේතුවෙන් වැවට සිදුවන අවදානම් වළක්වා ගැනීමට මහවැලි අධිකාරි හා ගොවි සංවිධාන එක්ව වැලිකොට්ට දැමීමට කටයුතු කළේය.
දින කිහිපයක සිට රජරට ප්‍රදේශයට ඇදලා හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් 21 දා රාත්‍රියේ මෙහි වැව් බැම්ම ගිලා බැසීම සිදුවී තිබිණි.
නල්ලච්චිය විද්‍යාලයේ සිසුන්ගේ ආරක්ෂාව ගැන සලකා බලා පළාත් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත නල්ලච්චි විද්‍යාලය වසා දැමීමට කටයුතු කළ බව තඹුත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සුරංජි අම්මදුවගේ මහත්මිය පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය දශක ගණනාවක් මේ වැව් පැත්ත පළාතේ බැලුවේ නැහැ. කිසිඳු ප්‍රතිසංස්කරණයක් නැහැ. දැන් ඒවාට ප්‍රමුඛත්වය දිය යුතු වෙනවා...
ජනාධිපතිතුමාගේ ගම නේද?