(සිතුම් චතුරංග)
යාපනය, නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික මංගල්‍යයේ අවසන් තේර් පූජාව අති විශාල හින්දු බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් අද (29) උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
නල්ලූර් කෝවිලේ වාර්ෂික පුජාවන්ගේ ඉතිහාසය යාපනය පාලනය කළ සංගිලියන් රජ පෙළපත දක්වා කාලයට දිවයන බව කෝවිලේ පාලක සභාව පවසති.
කෝවිලේ වාර්ෂික මංගල්‍ය පසුගිය 6 වැනිදා කොඩි එසවීමේ මංගල්‍යයෙන් ආරම්භ කෙරිණි. එම මංගල්‍ය, අවසන් පූජාව, රාත්‍රියේ පෙරහර, දිය කැපීමේ මංගල්‍ය ආදි චාරිත්‍ර විධි සියල්ල, මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කප් සිටුවීමේ මංගල්‍ය, පූජාවන් පැවැත්වීමට, දිය කැපීමේ චාරිත්‍රයට සමානකමක් දක්වයි.
නල්ලූර් කෝවිලේ පාලක සභාව පැවසූවේ මෙවර අති විශාල ජනතාවක් කෝවිලේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් සහභාගී වූ බවයි. උතුරු නැගෙනහිර හින්දු ජනතාව මෙන්ව විදේශගතව සිටින ජනතාව විශාල පිරිසක් සෑම වර්ෂයකම ඒ වෙනුවෙන් සහභාගී වෙති.
කෝවිලේ මංගල්‍ය සමය වෙනුවෙන් යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව යොදවා දැඩි ආරක්ෂාවක් යාපනය ප්‍රදේශය පුරා ක්‍රියාත්මක කර තිබෙන බව යාපනය මූලස්ථාන පොලිසිය පවසයි.
නල්ලූර් කෝවිල් පුජාවන් වෙනුවෙන් සහභාගී වූ ජනතාවට අවශ්‍ය සහන සේවාවන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, යාපනය ආරක්ෂක අංශ,යාපනය මහනගර සභාව සමඟ ඒකාබද්ධව සැපයීම සිදුකරන බව යාපනය මහනගර සභාවේ නගරාධිපති එමානුවේල් ආර්නෝල්ඩ් මහතා කියාසිටී.
හෙට (30) දිය කැපීමේ උත්සවයෙන් පසුව වාර්ෂික මංගල්‍යයේ කටයුතු නිමා කිරීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නල්ලුර් මංගල්‍යයේ අවසන් පූජාව උත්කර්ෂවත් අයුරින්