




(රොමේෂ් මධුෂංඛ)
යාපනය ඓතිහාසික නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ඊයේ (25) දින සිට ආරම්භ කළ බවට කෝවිල බාරකාර මණ්ඩලය පවසයි.
පවතින කොරෝනා වයිරස අවදානම හේතුවෙන් නිරෝධායන නීතිරීති වලට අනුව දිනකට බැතිමතුන් 500 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් නල්ලූර් කෝවිලේ මෙවර වාර්ෂික දේව මෙහෙයන් සිදු කිරීමට පියවර ගෙන ඇත.
මේ අනුව පොලීසිය හා යුද හමුදාව එක්ව නල්ලූර් කෝවිලේ පූජාවන් හා බැතිමතුන් වෙනුවෙන් ආරක්ෂාව සැපයූ අතර දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට ජාතික හැඳුනුම්පත සමගින් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වී තිබුණු අතරම විදේශිකයින් සහභාගී වන්නේ නම් ඔවුන්ගේ නිරෝධායන සහතික හා පී.සී.ආර්. පරික්ෂණයන් යනාදිය ද පරික්ෂා කිරීමට සෞඛ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ විසින් පියවර ගෙන තිබිණි.
මේ අනුව නල්ලූර් කෝවිලේ වාර්ෂික ප්‍රධාන දේව මෙහෙයන් වෙනුවෙන් ඉතිහාසයේ අඩුම පිරිසක් සහභාගී වූ වසර 2020 වසර වන බවටත් එය කොරෝනා අවදානම හේතුවෙන් ලෝ වැසියන්ටම බලපා තිබූ හෙයින් මෙවැනි ඉරණමක් අත් වූ අතරම ලබන වසරේ දී හෝ සියලු බැතිමතුන්ට නල්ලූර් කෝවිලේ වාර්ෂික දේව මෙහෙයන් වෙනුවෙන් සහභාගී වීමට අවස්ථාව උදාවේවා යන්න පිළිබඳව ද කෝවිල් භාරකාර මණ්ඩලය විසින් දේව කන්නලව් කිරීම ද සිදු විය.
2025 නොවැම්බර් මස 04
27
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නල්ලුර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය ආරම්භ වෙයි