IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


නලීන් ප්‍රදීප් උඩුවෙල දිවි සැරිය නිමකරයි

 

(අංජුල මහික වීරරත්න)

ප්‍රවීණ රංගනවේදී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා  අභාවප්‍රාප්ත විය.

උඩුවෙල මහතා අභාවප්‍රාප්ත වන විට 56 වැනි වියෙහි පසුවිය.ඔහු දෙදරු පියකි.

මහරගම අපේක්ෂා රෝහලේ දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටි උඩුවෙල මහතා අද(23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

අපූර්ව රංගන පෞරුෂයකට හිමිකම් කී නලින් ප්‍රදීප් උඩුවෙල මහතා වේදිකාව සිනමාව මෙන්ම ටෙලි නාට්‍යයෙන් ද රංගන පෙළහර පෑ ශිල්පියකි. සරසවි, සුමති ඇතුළු සම්මාන උළෙල රැසකදී උඩුවෙල මහතාගේ රංගන ප්‍රතිභාව සම්මානයට පාත්‍ර විය.

 දැනටත් වේදිකා ගත වෙමින් පවතින " සුද්දෙක් ඔබ අමතයි"  වේදිකා නාට්‍යයේ ඔහු දක්වූ රංගන කෞශල්‍ය අනගිභවනීය.

දශක තුනකට අධික කාලයක් පුරා සාර්ථක රංගන ජීවිතයක් ගත කළ නලින් ප්‍රදීප් උඩුවෙල මහතා ඉතා නිරහංකාර සුන්දර චරිතයක් ලෙස ප්‍රේක්ෂක ජනාදරය දිනාගෙන සිටියේය.

ඔහු 1969 මාර්තු 20 වන දින මාතලේ දී උපත ලැබීය. උඩුවෙල මහතා කලක් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙසද සේවය කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරියකු සහ චිත්‍රපට සංස්කාරක වරයකු වශයෙන් ද සේවය කළේය.

ඔහුගේ දේහය 193/55, දෙවැනි පටුමග, ප්‍රසන්න උයන, මත්තේගොඩ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු මත්තේගොඩ ආදාහනාගාරයේදී බ්‍රහස්පතින්දා(25)  සවස සිදු කිරීමට නියමිතය.

 

 

 



අදහස් (5)

නලීන් ප්‍රදීප් උඩුවෙල දිවි සැරිය නිමකරයි

අරවින්ද මොණරවිල Tuesday, 23 September 2025 10:20 AM

සුබ ගමන් සොදුරු කලාකරුවණෙනි !

:       0       24

Sellakkara Kolla Tuesday, 23 September 2025 11:20 AM

රන්ගධරයාණෙනි ඔබට සුභ ගමන්

:       0       25

Lankapura Tuesday, 23 September 2025 01:28 PM

සොදුරු කළාකරුවාණෙනි, ඉක්මන් භවයකදීම භව ගමන කෙළවර කිරීමේ වාසනාව උදාවේවා..

:       0       4

පිටරැටියා Tuesday, 23 September 2025 02:30 PM

අපි ඉතාමත් ආදරය කරපු දක්ෂ රන්ගන වේදියෙක්.. බට්ට් සහ අමුතු දීගේ තුළ ඔබ දැක්වූ රන්ගන ප්‍රතිබාව මතකයට එනවා. හරිම කණගාටුදායකයි. නිවන්සුව අත්වේවා !

:       0       5

බුද්දික Tuesday, 23 September 2025 03:08 PM

ගොඩක් වටිනා නලුවෙක්.ගැමි චරිත ලලස්සනට කලානිවන් සුව ලැබේවා !!

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 214 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site