IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’

(අංජුල මහික වීරරත්න)

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නිලධාරීන්ගේ වැරිදි නිසා අවසානයේ ජනතාවගේ චෝදනාවට ලක්වන්නේ දේශපාලන්ඥයින් බවද අමාත්‍යවරයා කීය.

අද වන විට ඇතැම් රාජ්‍ය ආයතන වල නිලධාරීවාදය නිසා සංවර්ධන වැඩසටහන් නතර වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය .

ගම්පහ මහ නගර සභාවේ  ගැටලු විසඳීම සදහා  පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ගම්පහ මහ නගර සභාව විසින් සිදු කරන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.



අදහස් (9)

’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’

ජයනාත් Thursday, 25 April 2024 04:09 PM

ඇමතිවරුන්ගේ ගොන් වැඩ නිසා බැනුම් අහන්නේ, දඬුවම් විඳින්නේ අහිංසක රාජ්‍ය සේවකයන් .

:       4       30

සුරංග Thursday, 25 April 2024 05:38 PM

ඔය තත්වය රටේ ඇතිකළේ දේශපාලුවන් මිස නිලධාරීන් නොවේ. තමන්ගේ හිතවතුන්ට උදව්කිරීමට හා පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා (කෙහෙලිය වගේ) නිලධාරින් යොදාගත් නිසා නිලධාරින් ඒක පූර්වාදර්ශයක් කරගෙන ඔවුනුත් වැරැදි කරනවා. ඒක තමයි වෙලා තියෙන්නේ උසස් තනතුරු සඳහා සුදුස්සෝ සිටිද්දී වගේම විභාග පවත්වන වේලාවට තමන්ගේ හිතවතුන්ට එම තනතුරු දෙන්න ඒවාට සුදුස්සෝ කරන්න කියලා නිර්දේශ යවන්නේ දේශපාලුවන් තමයි... නිලධාරින් මාරුකරන්න කියන්නේ දේශපාලුවන් තමයි. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම අහෝසි කිරීමෙන් මෙම තත්වයට අත්තිවාරම වැටුණා. ඒ අස්සේ නිලධාරි වුණත් ඔවුන්ගේ හිතවතුන්ට නෑයින්ට උදව් උපකාර කරනවා සමහරක් දේශපාලුවන්ට ඒවා දිරවාගන්න බැරුව ඇති. එනිසා දේශපාලුවන්ට වඩා මේවායින් අහිංසක ජනතාව පීඩාවට පත්වෙනවා...

:       0       17

විජිත් Thursday, 25 April 2024 04:29 PM

කොහොමද මේ කතාව? මෙයා සුදනා? කරන්න පුළුවන් ඔක්කෝම අසික්කිත සක්කිලි වැඩකරලා, නුවර පාරේ රඹුටන් විකුණන ගැහැණුන්ගෙන් පවා කප්පම් අරගෙන ගම කෑවා. මුළු ගම්පහම කෑවා කප්පම් පවුල !!! ලැහැස්තිවෙලා ඉන්න කුඩුවට යන්න ළඟදීම...

:       2       19

Prabha Thursday, 25 April 2024 04:38 PM

නිකන් බැනුම් අහන්නේ නැතිව ගෙදර යන්නකෝ...

:       1       20

ajith Thursday, 25 April 2024 04:48 PM

කූරු ගනින්න ඕනෙ අය තීන්දු තීරණ ගත්තාම ඔහොම තමයි.

:       0       21

Pankumburage Thursday, 25 April 2024 04:58 PM

කප්පම් ඉල්ලලා දඬුවම් වින්දේ නිලධාරීන්ද?

:       1       19

Warnasinghe Thursday, 25 April 2024 05:17 PM

මෙතුමා නිවැරැදියි. එක්තරා ලේකම් උතුමෙක් තම ඇමැතිවරයාගේ විදුලිය බිල ලක්ෂයට වැඩි මුදලක් අමාත්‍යංශ අරමුදලෙන් ගෙවලා කියන්නේ...!

:       1       12

Kappama Thursday, 25 April 2024 06:23 PM

අර කප්පන් අරගෙන අධිකරණයෙන් අච්චු කරලා, ඇප අරන් ආපහු පාර්ලිමේන්තු ඇවිත් ඇමැතිකමක් අරන්, මං සුදනා කියන්නේ රාජ්‍ය නිලධාරියෙක් වෙන්න ඇති...

:       1       13

Lgpj Friday, 26 April 2024 06:00 AM

ගරු ඇමතිතුමනි ඔබට ඒවා නිවැරදි කළ හැක !!!

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site