IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නිරෝෂන් ප්‍රේමරත්න වාමාංශික පෙරමුණේ නායකත්වයට

(අමිල චින්තක ගමගේ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂාන් ප්‍රේමරත්න  මහතා වාසුදේව නානායක්කාර මහතා නායකත්වය දැරූ වාමාංශික පෙරමුණේ  නව නායකයා වශයෙන් තෝරා පත්කරගෙන තිබේ.

මීට පෙර ඔහු ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය. තරුණයෙකුට පක්ෂයේ නායකත්වය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

නිරෝෂාන් ප්‍රේමරත්න මහතා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනිමින් නායකයා ලෙස පත්වුණේ අද බත්තරමුල්ල අපේ ගම පරීශ්‍රයේ තිබූ පක්ෂ සම්මේලනයේදීය.



අදහස් (6)

නිරෝෂන් ප්‍රේමරත්න වාමාංශික පෙරමුණේ නායකත්වයට

බද්රානි Tuesday, 16 July 2024 07:46 PM

ඒ කාලේ මාකදුරේ මදුෂ් ඔය පැත්තේ කෙනෙකුට රෙදි කඩයක් දාගන්න සල්ලි දුන්නලු නේද..? මුස්ලිම් රෙදි කඩ වර්ජනය කරන්න කියලා පුහු ජාතිවාදී මතවාද රටේ පතිරුවාට, ඒ කඩ නම් තවම ශෝක් එකට තියනවා... ජාතිවාදී මතවාද පතුරවපු එවුන්ගේ කඩ බංකොලොත් උනා... ලංකාවේ අමන, තුප්පහි, අලජ්ජි, දේශපාලන පක්ෂයක නායකත්වය දරන්න මොහුට ඕනෑවටත් වඩා සුදුසු කම් තියනවා කියලයි මට හිතෙන්නේ... අර පියුමි හංස මාලියව මේ රටේ විධායක ගරු ජනාධිපතිණිය කරන්න කාගේවත් අදහසක් තවම නැද්ද..?.. ඔන්න මම නම් එකෙන්ම ඇයට මගේ චන්දය පිරිනමනවා...රටට ගැලපෙන නායකත්වයක්නේ...

:       3       12

රෝයි ෆෙඩ්රික්ස් Wednesday, 17 July 2024 02:16 PM

මචං මම ඔයා කියපු දේවලට එකඟයි. හැබැයි අර පියුමි ගැන කිවූ කොටසට විරුද්ධයි බං.

:       1       1

Shashi Tuesday, 16 July 2024 08:02 PM

මධුෂ් හිටියනම් ජ්‍යේෂ්ඨ උපදේශක කරන්න තිබ්බා. එකට බිස්නස් කරපු කොල්ලනෙ

:       1       6

Hector Perera Wednesday, 17 July 2024 01:15 AM

නිරෝෂන් රනිල් එක්ක එකතු වෙන්න. ඔබට හොඳ අනාගතයක් තිබේ. දේශපාලනය අතහරින්න එපා. ඔබ වැරදි කණ්ඩායමක් සමඟ සිටියා.

:       7       3

Sugathapala Wednesday, 17 July 2024 07:34 AM

වාසිදේවගේ පක්ෂයේ තරම කොහොමද කිව්වොත් නායකත්වය සදහාවත් කෙනෙක් පක්ෂයේ නැතුව වීරවංශගේ ළග හිටපු එකෙක් පක්ෂයට බදවා ගෙන තමයි නායකත්වය දීලා තියෙන්නෙ හිටපු නායකයා. 1970 සිට රත්නපුර දිස්ත්‍රික්කයේ මංත්‍රී කෙනෙක් වෙලා ඔවුනොවුන් බේද කරමින් හිටියා මිසක් කරපු කිසිම වැඩක් නැහැ මෑතකදී වතුර ඇමති වෙලා වැඩක් කරන්න හදල ඒකත් මග දමා පැනල ගිහිල්ලා මුදල් නාස්තියක් කලා කියලා ඒ ප්‍රදේශයේ මිනිස්සු කියනවා එහෙම වුනාට අනුගාමිකයන් කියන්නෙ රනිල් මොනවාද කියලා තමයි

:       6       8

kotiya Thursday, 18 July 2024 12:16 AM

"නිරෝෂාන් ප්‍රේමරත්න මහතා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනිමින් නායකයා ලෙස පත්වුණේ අද බත්තරමුල්ල අපේ ගම පරීශ්‍රයේ තිබූ පක්ෂ සම්මේලනයේදීය." සම්මේලනේට ඇවිල්ලා හිටියේ නිරෝශන් ප්‍රේමරත්නයි, වාසුදේව නානයක්කාරයි විතරද දන් නෑ. මේක ත්‍රීවීල් පක්ශෙකුත් නෙවෙයි. පුස් බයිසිකල් පක්ශයක්. එකෙක් පාගනවා. අනිකා පොල්ලේ වාඩිවෙලා යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site