IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නොර්වේ තානාපති උතුරු පළාත් ආණ්ඩුකාර හමුවෙයි

යාපනයේ සංචාරයක නිරත වූ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති තුර්බියොන් ගවුස්ටාඩ්සාතර් මහතා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති තුර්බියොන් ගවුස්ටාඞ්සාතර් මහතා සිය යාපනය සංචාරය අතරතුරදී උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතාට අමතරව යාපනය ආරක්ෂක බලකා මූලස්ථාන අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හා උතුරු පළාත් මහලේකම් ඒ. පතිනාතන් ඇතුළු නිලධාරීන් ද මුණ ගැසී සාකච්ඡා පැවැත්වීය. 

තානාපතිවරයා සිය සංචාරයේදී ජස්ටින් බර්නාඩ් ඥාණප්‍රගාසම් යාපනය අග-රදගුරුතුමා ද හමුවිය. 

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරයා එම සංචාරයේදී ‘සුපිරිසුදු බලශක්ති හා සෞඛ්‍ය යෙදවුම් සඳහා උසස් මූලද්‍රව්‍ය’ යන තේමාව යටතේ යාපනයේ පැවැති ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද සහභාගී විය.
 
බටහිර නෝර්වේ ව්‍යවහාරික විද්‍යා විශ්ව විද්‍යාලය සහ යාපනය විශ්ව විද්‍යාලය එක්ව එම සම්මේලනය සංවිධානය කර තිබිණි. 
 
(055)

 



අදහස් (0)

නොර්වේ තානාපති උතුරු පළාත් ආණ්ඩුකාර හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 299 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site