IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නිර්වින්දන බෙහෙතින් මුවෝ තිදෙනෙක්ට දිවි අහිමි වේ

(වසන්ත චන්ද්‍රපාල)

යාපනය නල්ලූර් ප්‍රදේශයේ නිවෙසක ඇති කළ මුවන් තිදෙනකු අඩවිවන නිලධාරීන් බාරයට ගැනීමෙන් පසු නිර්වින්දනය කිරීම සඳහා ලබාදුන් එන්නතකින් පසු එම මුවන් තිදෙනා මියගොස් ඇති බවට වනජීවි කාර්යාල ආරංචි මාර්ග කියයි.

නීති විරෝධී ආකාරයට මුවන් තිදෙනකු යාපනය නල්ලූර් ප්‍රදේශයේ නිවෙසක ඇති කරන බවට ලැබුණු තොරතුරක් මත කිලිනොච්චිය අඩවි වන නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.

පසුව එම සතුන් ඇති කළ බව කියන පුද්ගලයා ද සමග මෙම සතුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. පසුව  එම සතුන් රැගෙන යාම සඳහා නිර්වින්දනය සඳහා එන්නත් ලබා දී ඇත. පසුව එන්නත් දුන් එක් මුවකු එම ස්ථානයේම මියගොස් ඇති අතර අනෙක් සතුන් දෙදෙනා  වනජීවි නිලධාරීන් බාරයේ සිටියදි මියගොස් ඇත.

මේ සම්බන්ධයෙන් කිලිනොච්චිය වනජීවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඩී.එම්.එ වික්‍රමසිංහ මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ  මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි .



අදහස් (8)

නිර්වින්දන බෙහෙතින් මුවෝ තිදෙනෙක්ට දිවි අහිමි වේ

විජයන්ති Thursday, 14 September 2023 12:27 PM

නියම වන අජීවීය... ඔය කරලා තියෙන්නේ...

:       0       28

wedage Thursday, 14 September 2023 12:35 PM

කෙලියා ඇමති මේ ගැන මොනවද කියන්නේ

:       0       19

wedageThursday, 14 September 2023 02:22 PM

මෙ කෙහෙලිය ඇමතිට මේ ඉන්ජෙක්ෂන් එකක් ගහන්න කවුරුවත් නැැ නෙ

:       0       6

ලුම්බිණි Thursday, 14 September 2023 01:11 PM

ඉන්ජෙක්ෂන් වලින් මිනිස්සු විතරක් නොවෙයි, සතුනුත් මරන්න පටන් අරගෙන... මේ අයට විරුද්ධව නීතියෙන් කටයුතු කළයුතුයි. නීතිය ක්‍රියාත්මක කරන්න ගිහින් සතුන් 3 ක් නිරපරාදේ මිය ගියා...

:       0       20

dilip Thursday, 14 September 2023 01:13 PM

කොටියා ගහට නැගපු එකේ දෙවෙනි සීන් එක

:       0       19

Bunny Preena Thursday, 14 September 2023 01:22 PM

කල් ඉකුත්ව නිර්වින්ධන බෙහෙත් වෙන්න ඕනේ

:       0       9

Indika Thursday, 14 September 2023 03:19 PM

හරිනේ, මස්ටික ලෑස්තියි දැන්...

:       0       4

කෙහෙලිය Thursday, 14 September 2023 07:55 PM

මස් ටිකක් මටත් එවනවා අයිෂේ, කාලෙකින් මුව මෂ් ටිකක් හම්බවුනේ නැහැ.කොහොමද අපේ ඉන්ජෙක්ෂන් ? ඔවාම තමයි ඉඳලා හිටලා මිනිස්සුන්ටත් ගහන්නේ.මට මේක බැලන්ස් කරගෙන යන්න කියලා තමයි නායක තුමා උපදෙස් දෙන්නේ.ඉස්පිරිතාලේට එන ලෙඩ්ඩුනට වගේම මිනි පෙට්ටිකාරයාටත් සාධාරණයක් කරන්න එපැයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site