IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නරිටා ගිය ගුවන් යානය යළි කටුනායකටම බස්සයි

(ටී.කේ.ජී.කපිල)

ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක හදිසියේ ඇති වූ, කාර්මික දෝශයක් හේතුවෙන් යළි කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඇත.

ඒ් වන විටත්  පැය 02 යි විනාඩි 25 ක කාළයක් ගුවන් යානය ගමන් කර තිබුණි. 

මෙය ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.330 - 300 එයා බස් වර්ගයේ විශාලතම ගුවන් යානයකි .

මෙම ගුවන් යානයේ රෝද පද්ධතිය නියමිත පරිදි ඇකිළීම සිදු වන බවට තම පරිගණක පද්ධතියේ නොපෙන්වීම ( Indicate ) නිසා , ගුවන් නියමුවා මෙම ගුවන් යානය ,  කටුනායක ගුවන් තොටුපොළට අනතුරකින් තොරට ගොස් බැස්සවීමට පියවර ගෙන තිබුණි .

මෙම ගුවන් යානය තුළ ගුවන් මගීහු සහ කාර්යය මණ්ඩලය 301 දෙනෙක් ගමන් කළහ. 

එම ගුවන් මගීන් වෙනත් ගුවන් යානා මගින් ජපානයේ නරීටා වෙත යොමු කිරීමට ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පියවර ගත්තේය.

 



අදහස් (4)

නරිටා ගිය ගුවන් යානය යළි කටුනායකටම බස්සයි

Sunil Thursday, 29 June 2023 07:41 AM

නාකි මයිනා එමිරේට්ස් ගුවන් සේවය සමග තිබූ සම්බන්ධතා මෝඩ සහ හිතුවක්කාර ලෙස නැවත දැමීමත් සමග මෙම ගුවන් සේවය අවසන් හුස්ම හෙලමින් පවතී .අවසානය වැඩි ඈතක නොවේ

:       0       24

පුරවැසියෙක්.... Thursday, 29 June 2023 10:16 AM

ජීවිත විනාශයක් වීමට පෙර මෙම අබලන් තත්ත්වයේ පවතින ගුවන් යානා ඉවත් කොට , Sri Lankan ආයතනය කරගෙන යාහැකි දේශීය හෝ විදේශීය සමාගමකට ලබාදීමට මෙරට පාලකයින් කඩිනම් පියවරක් ගත යුතුය.

:       0       20

නිහාල් Thursday, 29 June 2023 02:51 PM

දැන්දැන් එන ආරංචි ඇහුවාම කවුරුත් ඕක ගන්න ඉදිරිපත් වෙන්නේ නැතිවෙයි...

:       0       0

de silva berlin Thursday, 29 June 2023 03:39 PM

මේක නවතින්නේ ගුවන් යානයක් කඩා වැටිලා, ජීවිත සියගාණක් නැති වෙලා.. බංකොළොත් නම් නම් ගුවන් යානා මෙහෙයුම් වහලා දාලා ගොඩබිම් මෙහෙයුම් කටයුතු පමණක් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site