IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නිරිඇල්ලේ උපාධිධාරිනියගේ සිරුර බෝක්කුවක් යට

(අජිත්ලාල් ශාන්තඋදය සහ කපිල කුමාර)

ඇලපාත පොලිස් වසමට අයත් නිරිඇල්ල ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී ඝාතනය කළ බවට සැකකළ හැකි තරුණියකගේ මළ සිරුරක් අද (27) දහවල් ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමක් මත සොයාගත් බව ඇලපාත පොලීසිය පැවසුවේය.

නිරිඇල්ල පදිංචි  පී.ජී. සුවිනී දිනාදරී ජයසිංහ (25) නම් තරුණියගේ සිරුර බව පසුව හඳුනාගෙන තිබුනි.
ඇය උදේ 06.30ට නිවසින් පිටව වැඩට යන්නට  රත්නපුර බලා යන බස්රථයට යාමට පිටත්ව ගොස් ඇතිබව විමර්ශන වලදී අනාවරණය වි තිබු බව පොලිසිය පැවසුවේය. 

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වු ඇය මිට මාස දෙකකට පෙර විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිමකළ තැනැත්තියක් බව ද පොලීසිය කීවේය. රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. පවුලේ වැඩිමහල් දියණිය ද වේ. ඇයට බාල මල්ලියෙක් සහ නංගියෙක් සිටින බව ද පොලිසිය සඳහන් කළේය.

මෙය ඝාතනයක් විය හැකියැයි පොලීසිය සැක කරයි. ඝාතනයට පෙර ඇය ලිංගික අතවරයකට ලක්කර ඇද්දැයි පොලීසිය සැකකරයි. රත්නපුර සහ නිවිතිගල පොලිස්ථානවල නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.

 



අදහස් (5)

නිරිඇල්ලේ උපාධිධාරිනියගේ සිරුර බෝක්කුවක් යට

Rohana Monday, 27 March 2023 10:12 PM

ඇයි මෙහෙම තරුණ දියණියන් නිරපරාදේ මරාදමන තිරිසනා කවුද ?

:       0       1

sumith Monday, 27 March 2023 11:37 PM

පාලකයෝ අදර්මිෂ්ඨ වෙනකොට රටකට යන කල ඔහොමයි කියලා ධහමේම තියනවා

:       0       0

sg Monday, 27 March 2023 11:42 PM

කරුණාකර මෙම නඩුවට සාධාරණයක් ඉටු කළ යුතුය. තත්ත්වය ඉතා නරකයි.

:       0       0

Bunny Preena Tuesday, 28 March 2023 09:23 AM

බොහොම සෝචනීය පුවතක් .හැම ගැහැණු දරුවෙකුටම හරි කාන්තාවකට තමන්ගේ ආරක්ෂාවට ආයුධයක් ගෙනියාමට අවසර දුන්නොත් හොඳයි .නැතිනම් මෙවැනි දේවල් කවදා නතර වෙයිද දන්නේ නැහැ

:       0       5

fairoos Tuesday, 28 March 2023 12:10 PM

මෙ වගෙ අපරාදවලට ලැබෙන දඩුවම් මදි නිසා තමයි මෙහම වෙන්නෙ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site