(සුජිත් හේවාජුලිගේ)
කුඩා නයි පැටවකු ඇතුළුවී සිටි සපත්තුවක් පැළඳ පාසල් ගිය ශිෂ්‍යයා රෝහලෙන් අද (25) පිටව ගිය බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවැසීය.
දරුවාගේ ශරීරයට නයි විෂ ඇතුළු වී නැති බව පරීක්ෂණවලදී තහවුරු වීමෙන් පසු ඔහු මෙසේ රෝහලෙන් පිටව ගිය බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් දරුවාගේ පාදයේ සර්ප දෂ්ඨන සිදුවී ඇති බවට සලකුණු දෙකක් ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට හමුවී ඇති බව පැවසූ වෛද්‍යවරයා දරුවා මේස් කුට්ටමක් පැලඳ සිටි හෙයින් සර්පයාගේ විෂ දළ වැදීම සිදු නොවන්නට ඇතැයිද ප්‍රකාශ කළේය.
මේ සිද්ධියට ඉකුත් (23) වැනිදා මුහුණ දුන්නේ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක දහතුන් හැවිරිදි ශිෂ්‍යයෙකි.
නයි පැටියා සිටි සපත්තුව පැලැඳ සිසුවා කඩවත පිහිටි නිවෙසේ සිට පාසලට පැමිණෙමින් සිටියදී සපත්තුව ඇතුළතින් යමක් දඟලන බව දැනී පාසලට පැමිණ සපත්තුව ගලවා පරික්ෂා කළ අවස්ථාවේදී මෙම නයි පැටියා හමුවී තිබිණ.
ඉන් අනතුරුව විද්‍යාලයීය ගුරුවර ගුරුවරියන් විසින් දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගනු ලැබීය.
දරුවන් ඇතුළු සෑම දෙනකුගේම සපත්තු නිවෙස්වල පිටත ස්ථානවල තැබීමෙන් වළකින ලෙසත් සපත්තු බෑග්වල දමා ගැට ගසා යම් උස ස්ථානයක රඳවා තැබීමට කටයුතු කිරීමෙන් මෙවැනි අනතුරු වළක්වා ගත හැකි බවත් රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නයි සපත්තුව පැළඳි සිසුවා රෝහලෙන් පිටව යයි
Dakumawi Thursday, 25 August 2022 10:31 PM
So glad to hear the poor innocent little child was safe and sound. A snake and cobra no less, inside the shoe.