IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


න්‍යෂ්ටික අවිවලින් පහරදීම අවසන් විකල්පයයි

රුසියාව න්‍යෂ්ටික අවි යොදා ගනිමින් පහරදීමක් කරන්නේ, රුසියාවේ ‘පැවැත්මට‘ බරපතල ආකාරයේ තර්ජනයක් එල්ල වුවහොත් පමණක් බවත්, එසේ න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම රුසියාවේ අවසන් විකල්පය වනු ඇති බවත් ක්‍රෙම්ලීන (රුසියන් පාර්ලිමේන්තුව) ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් අවධාරණය කර තිබේ.

බටහිර විශ්ලේෂකයන් අනතුරු අඟවමින් පවසා ඇත්තේ, රුසියාවත් යුක්රේනයත් අතරේ හටගත් යුදමය තත්ත්වය තෙවැනි ලෝක යුද්ධය දක්වාත්, න්‍යෂ්ටික යුද්ධයක් දක්වාත් දුරදිග යනු ඇති බවය.

යුක්රේනය චෝදනා නගන ආකාරය තෙවැනි ලෝක යුද්ධය දැනටමත් ආරම්භ වී ඇත.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර මේ වනවිට මාසයක කාලයක් ගත වී තිබේ. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එරට න්‍යෂ්ටික බලඇණි සීරුවෙන් තැබීමට ද අණ දී තිබේ. ඒ පසුගිය පෙබරවාරි 28 වැනිදාය.

(රොයිටර්)



අදහස් (2)

න්‍යෂ්ටික අවිවලින් පහරදීම අවසන් විකල්පයයි

Bamunuarachchi Wednesday, 23 March 2022 06:25 PM

අන්න කළොත් වැඩක් පුටින් මහත්තයෝ. නියමයි. රුසියාව කාගේවත් රටවල අභ්‍යන්තර වැඩවලට ඇඟිලි ගසන රටක් නොවෙයි. එම නිසා ඔබලාට කරදර කරන්න ආවොත් පරමාණු යුද්ධයක් ආරම්භ කරන්න මගේ කිසිම විරුද්ධත්වයක් නැත.

:       16       12

sampath Saturday, 26 March 2022 10:42 PM

එක එක්කෙනාගේ මනෝ විකාර... මේවා ලෝකය තුළ සාමය තරම් වටිනා අවියක් තවත් නැහැ. මේක උමතුවෙන් කරන විනාශයක්... පුටින් කියන්නේ හිට්ලර්ගේ අවතාරයක්... තම ජාතිය පමණයි, තම රට පමණයි කියලා හිතන මිනිස්සු කවදා හරි මහපොළව සුන්නත්ධූලි කරලා දායි. න්‍යෂ්ටික අවිවල බරපතලකම නොදන්න අය ඒවට උදව් දෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site