(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නියෝජ්‍ය කථානායක ධූරය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ගේ නම යෝජනා කිරීම සඳහා ඡන්ද විමසීමක් පවත් වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.
නියෝජ්‍ය කතානායක සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාගේ නම නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් යෝජනා කළ අතර සුසිල් ප්‍රේමජයන්ත මහතා එම යෝජනාව ස්ථිර කළේය.
රංජිත් සියඹලාපිටිය මහතාගේ අපේක්ෂකත්වයට ආණ්ඩු පක්ෂයේ සම්පූර්ණ සහාය තිබෙන බව ජී.එල් පීරිස් මහතා පැවසීය.
සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතාගේ නම රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් යෝජනා කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම යෝජනාව ස්ථිර කළේය.
2025 නොවැම්බර් මස 04
537
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1691
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නියෝජ්‍ය කථානායක ධුරයට නම් දෙකක් යෝජනා වෙයි
කුමාර Thursday, 05 May 2022 11:34 AM
ඇත්තටම මුන්ට පිස්සු කාලයයි මහජන මුදලුයි නාස්ති කරන්න කරන වැඩ මේවා. මේ වෙලාවෙ කරන්න ඕන දේ ගැන එකෙක්වත් හිතන්නෙ නෑ. දැන් ඉතින් තව ටිකකින් ඉල්ලා අස්වුන එකාම ආයෙත් තේරුනා කියයි. එතකොට ඔක්කොම ප්‍රශ්න විසඳෙයිනෙ. අගමැති ඉල්ලා අස්වුනත් ඕකම තමා වෙන්නෙ......
චින්තක Thursday, 05 May 2022 11:44 AM
බොරුකාරයෝ හා හොරු කවුද රටට ඇල්මක් තියෙන්නෙ කාටද හදුනාගැනීමට හැකියාව ලැබේවි රටට ඇල්මක් තිබේනම් සියඹලා පරදවේවි.මයිත්‍රීපාල කරන්නෙ බොරුනම් සියඹලා දිනාවි
pradeep Thursday, 05 May 2022 12:06 PM
මේ මොන විකාරයක්ද? මොකටද අස්වුණේ? මිනිස්සුන්ගේ සල්ලි විනාශ කරනවා...
Hafeel Thursday, 05 May 2022 12:18 PM
පිස්සු වැඩනේ... ආණ්ඩුව, ස්වාධීන කණ්ඩායම සහ සජබ කරන්නේ... මොකටද සියඹලාපිටිය ඉල්ලා අස්වුණේ? රටේ අර්බුදය එක්ක ඔවුන් විනෝද වෙනවා.
දාස Thursday, 05 May 2022 12:47 PM
මොකක්ද මේ කරන විහිළුව? සියඹලාපිටිය අස්වුණා දැන් නැවතත් එයා ඉල්ලනවා... මිනිස්සු මෙච්චර දුක්විඳිද්දී තාමත් නාඩගම් නටනවා. ඔබලාට වැඩිකාලයක් නැහැ.