IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නියඟයේ වගා හානි තක්සේරු අරඹයි

(අංජුල මහික වීරරත්න)

නියඟය නිසා වී වගාවට සිදු ව ඇති හානිය තක්සේරු කිරීම වහා අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන්නේය.

මෙම යල කන්නයේ දී නියඟයේ බලපෑම හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක කිහිපයක වී වගාවට සිදු ව ඇති හානිය ඉහළ ගොස් ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයන්  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

නියඟයේ බලපෑම නිසා අනුරාධපුර මෙන්ම අනෙකුත් දිස්ත්‍රික්ක ගණනාවක වී වගාවට හානි සිදුවී ඇති බැවින් ගොවීන්ට වන්දි මුදලක් ලබා දීමට සිදුවනු ඇති වනු ඇති බව ගොවි නියෝජිතයන් පෙන්වා දී ඇත.

ඒ අනුව දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි නියඟයේ බලපෑම නිසා වී වගාවට සිදුව ඇති හානිය සම්බන්ධව තක්සේරු කිරීම වහාම ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතාට උපදෙස් දුන්නේය.



අදහස් (0)

නියඟයේ වගා හානි තක්සේරු අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site