IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නියඟයෙන් වැඩිම හානිය කුරුණෑගලට

 

(අංජුල මහික වීරරත්න)

මෙවර යල කන්නයේ නියඟය නිසා රට පුරා දළ වශයෙන් අක්කර 50000 ක වත් වගා හානි වීම් සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පමණක් අක්කර 11,000ක වගා හානි වීම් මේ වන විට වාර්තා වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

යල කන්නයේ වැඩිපුරම වගා හානි මේ වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.

මෙතෙක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් වගා හානි සඳහා ගෙවා ඇති වැඩිම මුදල් ප්‍රමාණය මෙවර යල කන්නයේ වගා හානි සඳහා ගෙවීමට රජයට සිදුවනු ඇති බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා එම මුදල් ප්‍රමාණය කෙතෙක් ද යන්න සිතා ගැනීමටවත් නොහැකි වනු ඇතැයි ද සඳහන් කළේය.

ඇතැම් විට රුපියල් බිලියන ගණනින් වගා හානි ගෙවීමට රජයට සිදුවිය හැකි බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

පසුගිය වසරේ රජය වගා හානි සඳහා ගෙවා ඇති මුදල රුපියල් මිලියන 1700කි.

උඩවලවේ ජලාශය යටතේ යල කන්නයේ අස්වද්දන ලද කුඹුරුවලින් අක්කර 65,000ක් හානි වීමේ අවදානමට ලක්ව පැවැති අතර සමනල වැවේ ජලය නිකුත් කිරීමෙන් අනතුරුව එම තත්ත්වය යම් තරමකට මගහැරී ගිය බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

නියඟය නිසා කුරුණෑගල, අනුරාධපුර ,රත්නපුර හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්ක වලට වැඩිපුරම වගා හානි සිදුව තිබේ.

මෙම එල්ලිනෝ තත්ත්වය සාමාන්‍යයෙන් කන්න තුනක් සඳහා බලපාන බවට කාලගුණ විද්‍යා අංශය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනතුරු අගවා තිබෙන අතර එසේ වුවහොත් ඉදිරි මහ කන්නයේදී ද වර්ෂාව අඩු වන ඇතැයි පුරෝකථනය කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ දැනට තිබෙන සහල් ප්‍රමාණය ඉදිරි වසරේ මුල් මාස දෙක තුන සඳහා ප්‍රමාණවත් වන නමුත් ඉන් අනතුරුවත් නියඟය පැවතුණහොත් සහල් රටින් ගෙන්වීමට සිදුවිය හැකි බවයි.

(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)


(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)



අදහස් (1)

නියඟයෙන් වැඩිම හානිය කුරුණෑගලට

බන්දුකුමාරි Tuesday, 15 August 2023 01:21 PM

පන්සිය පනස් ජාතක පොතේ කතාවක් තියෙනවා... අල්ලපු රටේ මංගල හස්‍තියා නිසා ඒ රට දියුණුවට පත්වුණා කියලා මිනිස්සු ඒ ඇතා ඒ රටට ගෙන්වීමට ඉල්ලුවා කියලා ඒක අනුගමනය කරපු කුරුණෑගල මිනිස්සු ඔවුන්ට රජෙක් ආනයනය කළා... රජා රටත් කෑවා ඒ රජාගෙ සහ ගෝලයින්ගේ ශාපයෙන් දැන් කුරුණෑගල විනාශ වෙමින් තියෙනවා කියලා මට හිතෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site