IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නියඟයට සහාන ගන්න කෝටි 10,000 ආභරණ උකස් පොළට

(සුජිත් හේවාජුලිගේ)

අධික නියගය පවතින දිස්ත්‍රික්ක පහළොවේ ජනතාව විවිධ ආර්ථික ගැටළු හේතුවෙන් රුපියල් කෝටි 10,000 කට වැඩි කනකර ආභරණ ඇතුළු දේපළ උකසට තබා ඇතැයි බැංකු සහ උකස් මධ්‍යස්ථාන ආරංචිමාර්ග වලින් පැවසේ.

ආර්ථික ගැටලූ හේතුවෙන් ඇතැමුන් දේපළ විකුණා දමමින් සිටින බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

අධික නියගය තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහළොවේ ලක්ෂ 2කට වැඩි පිරිසක් උග්‍ර පානීය ජල හිඟයකට මුහුණදී සිටිති.

සිදුවී ඇති වගා හානිය අක්කර 60,000 ඉක්මවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිලධාරීහු පවසති.

මේ අතර ආර්ථික ගැටලු හේතුවෙන් රටපුරා ජනතාව රුපියල් කෝටි 68,729 කට වැඩි වටිනා ස්වර්ණාභරණ පසුගිය වසරේදී බැංකුවලට සහ උකස් මධ්‍යස්ථානවල උකසට තබා ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසිය.

 



අදහස් (2)

නියඟයට සහාන ගන්න කෝටි 10,000 ආභරණ උකස් පොළට

Upali Saturday, 26 August 2023 04:52 PM

අපිට බැරිද දළදා වහන්සේගෙන් පිහිටක් ගන්න මේ වෙලාවේ...?

:       1       1

ස්වභාව ධර්මය Sunday, 27 August 2023 09:29 AM

පෙරහැර අවසන් වනතුරු ඉවසන්න අපහසුද? දළදා වහන්සේ එදින සියළු උගස් භාණ්ඩ නිදහස් කර, නියඟය නිමාකර වැස්ස ලබාදේවි නේද?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site