IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නියෝග 5ක් හෙට මැතිසබයේ විවාදයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ශ්‍රී ලංකා තේ මණ්ඩලය යටතේ   අංක 2245/29 , 2248/36, 2248/37 සහ 2258/14 යන ගැසට් පත්‍රවල පළකළ නියෝග හතරක් සහ සමාගම් පනත යටතේ  අංක 2303/07 දරන ගැසට් පත්‍රයේ පළකළ නියෝගය පාර්ලිමේන්තුවේදී හෙට (21)  විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතය.

මේ අතර පාර්ලිමේන්තුව අද( 21 )  සිට ලබන 24 වැනිදා සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ  කාර්ය මණ්ඩල ප්‍රධානී  නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය පැවසුවාය.

රජයේ ගෙන එන කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය ඉන් අනතුරුව හෙට  පස්වරු 5.00  සිට පැවැත්වේ.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක  2299/46  සහ 2299/47 දරන ගැසට් පත්‍රවල සදහන්  නියෝග දෙකක් අනිද්දා (22) දිනයේ විවාද කිරීමෙන් අනතුරුව අනුමත කිරීමට නියමිතය. ඉන්පසු සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා  ප.ව 5.00 සිට  5.30 දක්වා කාලය වෙන් කෙරෙනු ඇත.

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2309/40, 2311/08 සහ 2311/18 දරන ගැසට් පත්‍රවල පළ කළ රෙගුලාසි තුනක්  මෙන්ම සුරාබදු ආඥා පනත යටතේ අංක 2290/24 ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනයද  (23) බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කිරිමට නියමිතය.

ඉන්පසු ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉන්ජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සහ රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත යන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් දෙවනවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිතව ඇත. අනතුරුව විරුද්ධ පාර්ශ්වය ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය  ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වේ.

ඩිල්ශාඩ් රොහාන් තිස්ස අබේගුණසේකර, අබ්දුල් බායිස් කමර්ඩීන්,  ආතවුද සෙනෙවිරත්න සහ  තිස්ස රෙජිනෝල්ඩ් බලල්ලේ යන අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් මහත්වරුන්  සම්බන්ධයෙන් ශෝක යෝජනා විවාදය ලබන 24 වනදා සිකුරාදා   පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

 

 



අදහස් (0)

නියෝග 5ක් හෙට මැතිසබයේ විවාදයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site