IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නාමල් පොහොට්ටුවේ හයිය පෙන්නන්න යයි

(අංජුල මහික වීරරත්න)

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිම් මට්ටමින් ශක්තිමත් කිරීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාප්පක්ෂ මහතා පැවසීය.

පක්ෂය ශක්තිමත් කිරීමේ පලමු පියවර ලෙස ගෙයින් ගෙට ගොස් පාක්ෂිකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව කී රාජපක්ෂ මහතා  තංගල්ල ආසනයෙන් එය ආරම්භ කළ බව පැවසීය.

ඉදිරි ඕනෑම මැතිවරණයකට මුහුණ දිය හැකි අයුරින් පක්‍ෂ ශක්තිමත් කරන බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පොදුජන පෙරමුණ  මෙරට ශක්තිමත්ම පක්ෂය ලෙස ඉදිරියටත් පවත්වා ගෙන යෑමට අවශ්‍ය උපරිම කැපවීම ලබාදෙන බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.



අදහස් (21)

නාමල් පොහොට්ටුවේ හයිය පෙන්නන්න යයි

sakalan Wednesday, 10 April 2024 12:50 PM

කිරි පුතේ ඔබලාගේ සෙල්ලම් ඊළඟ මැතිවරණයෙන් පස්සේ ඉවරයි. ආයේ කිසිදාක රාජපක්ෂලාට මේ රටේ බලයට එන්න ලැබෙන්නේ නැහැ. තවමත් ඉතිරිවෙලා ඉන්න වහල්ලු ටිකක් නිසා ඔබට පාර්ලිමේන්තුවට නම් ලබන පාර එන්න ලැබෙයි, නමුත් ආණ්ඩුවට නෙවෙයි. ඔබලා පහුගිය අවුරුදු 18ක් විතරම දැඟලුවේ අමුතුම ගායකින්. ඔය ගාය ලබන ඡන්දෙන් පස්සේ නිට්ටවාටම සනීපවෙයි.

:       58       105

Buddika Wednesday, 10 April 2024 01:00 PM

කොහොම කළත්, මොන දහන් ගැට දැම්මත් මිනිස්සු පල් හොරුන්ට ඡන්දේ දෙන්නේ නැහැ. රාජපක්ෂලා මේ රට කෑවා. විනාශ කළා...

:       39       91

Dharmatileke Wednesday, 10 April 2024 01:01 PM

හෙල්මට් ලාබයි, ලාබයි...

:       21       69

Nimal Wednesday, 10 April 2024 01:05 PM

ඉදිරියේදී පවත්වන හැම මැතිවරණයකදීම, පරවී ගිය පොහොට්ටුවේ හයිය හොඳාකාරවම පෙනේ...

:       20       54

ගමේ එකාලා Wednesday, 10 April 2024 01:18 PM

රටම හොරාකාලා විනාශ කරපු බලලෝභී, බඩගෝස්තරවාදී කාලකන්නි දුශිත පවුල් පාලනේ අයව ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි. ඔවුන්ගේ පස්සේ යන වහල්ලු නම් තවමත් ඇති. අපිත් බලාගෙන ඉන්නේ ඔවුන් එනකම් තමයි, ආසියාවේ ආශ්චර්යය පෙන්වලා යවන්න.

:       19       61

ජයවර්ධන Wednesday, 10 April 2024 01:24 PM

ඉදිරි මැතිවරණය නෙවෙයි, ඉන්පසු අවුරුදු 5කින් එන මැතිවරණයට ලක ලැහැස්ති වෙන්න. (ජවිපෙ වැනි පක්ෂයක් බලයට ආවොත් මැතිවරණ සුම්මා වීමට ද ඉතා ඉහළ සම්භාවිතාවක් ඇත). පවතින ආර්ථික අර්බුදයට මුල රාජපක්ෂලා යන සාවද්‍ය මතය මේ වනවිට විවිධ පාර්ශව විසින් ජන ගත කර ඇති නිසා බොහෝ දෙනෙක් එම මුවහට තඩිබාමින්..., සිවුරුහන්බාමින් කල් ගත කරනු විනා සිදු වූයේ කුමක්ද යන කාරණය ගැන තුලනාත්මකව බැලීමට වුවමනාවක් හෝ ශක්‍යතාවක් ඔවුන්ට නොමැත. ඉතිහාසයේ ඉහළම ණය ලබාගත්තේ යහපාලන සමයේ බවත්, එම මුදලින් සිදු කළ කිසිම ධනාත්මක වැඩක් නොමැති බවවත් සිතන්නට බොහෝ දෙනෙක් අකමැතියි. එමෙන්ම, රටේ විනාසය ඇරඹුණේ 2015දී ටොම් පච අසා ජනතාව විසින් බලයට පත් කල සිරි මාමාගේ සමයේ බව තේරුම් ගැනීමට හැකියාවක් බොහෝ දෙනෙකුට නැත. එසේම, ඔබගේ පියා බලයෙන් ඉවත් වන විට තිබූ විදෙස් සංචිත සහ සිරි මාමා යන විට ඉතුරු කර ගිය විදෙස් සංචිත ප්‍රමාණය ගැන වත් කල්පනා කර බලන්නට ඉස්පාසුවක් වැඩි දෙනෙකුට නොමැත. ඉන්පසු එළඹී කොවිඩ් සමයේ රට වසා තැබුවද රුපියල් 10,000, 5000 නිකම් දීම, රජයේ පඩි නඩි නිසි පරිදි ගෙව්වේ රටට ආදායම් අහිමිව තිබූ තත්වයක බව මතකයේ ඇත්තේ කීයෙන් කී දෙනාටද?

:       54       81

සිරියලතාWednesday, 10 April 2024 04:14 PM

ජයේ ඉතාමත් ඉක්මණින් අපේක්ෂා රෝහලට ගොස් හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ගෙන්වූ එන්නතක් එන්නත් කරවා ගනින් ඩාලිං උඹට නම් තියෙන්නෙ එසේ මෙසේ අසනීපයක් නොවෙයි බං

:       0       0

abaranWednesday, 10 April 2024 04:28 PM

ජයවර්ධන මහතා සිරි මාමා ගැන නම් කතාකරලා වැඩක් නැහැ. මිනිහත් ඔයාගේ ලොක්කාට දෙවැනි නැහැ. නමුත් සිරි මාමාට බලයට එන්න ලැබුනේත් ඔයා රකින්න හදන මිනිහා ඇතුළු නඩේ කරපු කියපු ඒවා නිසා තමයි. අනික සිරිමාම‍ාගේ කාලේ ණය ගත්තු ඒවායින් කොටසක් ඔයා රකින්න හදන කෙනාගේ කාලේ ගත්තු අධික පොලි ණයවල වාරික ගෙවන්න වැය වුණා කියලා... ඔයාගේ ටිකිරි මොලේට තේරෙන්නේ නැතිව ඇත්තේ අන්ධ භක්තියෙන් අරයව අදහන නිසා වෙන්න ඇති. මොලේ ටිකක් හරියට වැඩකරන්න පටන්ගත්තු කාලෙක 1948 ඉඳන් අපි ලබාගෙන ඇති ණය පිළිබඳ වාර්ෂික වාර්තා පිළිබඳව සහ ඒවායෙන් ලද වත්කම් ගැන අධ්‍යනයක් කරන්න. එතකොට ඇස් ඇරේවි. තවම ඔය අනුන් කියන දෙයක්නේ ගිරව් වගේ කියවන්නේ....!

:       27       20

Perera Wednesday, 10 April 2024 01:32 PM

හයිය...? මුන්ගේ කයිය විතරයි...

:       20       40

විපරමා Wednesday, 10 April 2024 01:34 PM

පින් ජනපතිගේ පිහිටෙන් පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන් ටික රැකිලා ඉන්නේ. ගම්වල අයත් බලන් ඉන්නේ එයාලාගේ හයිය පෙන්වන්න තමයි..

:       15       51

Nandalal DE SILVA - France Wednesday, 10 April 2024 02:17 PM

මැදමුලන මයිනන් සහ රාජපක්ෂ පවුලම යන ඉතිහාසගත වන මැතිවරණ පැවැත්වෙන 2024 වසර ජයග්‍රාහී වසරක් වේවා යන්න මගේ අලුත් අවුරුදු පැතුමයි... ජයවේවා..!

:       18       46

Wijepala Wednesday, 10 April 2024 04:21 PM

පළමුව දස(මාර) බල සේනාව දෙවනුව ගෙයින් ගෙට යාම මොකක්ද වෙන්න පුළුවන් කියලා හිතාගන්න ඔය පක්ෂයේ ගම් මට්ටමෙන් ඉන්න පිරිස් කොහොම අයද කියලා කියන්න අවශ්‍ය නැහැනේ (සාමයට කැමති අය පොහොට්ටුවෙ නැහැ) ඉතින් ඔවුන් කණ්ඩායම් හැටියට ගෙවල්වල එනවා කියන්නේ 87-89 කාලයට වඩා භීෂණ සමයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියලා හිතෙනවා...!

:       16       13

Prabha Wednesday, 10 April 2024 04:31 PM

ඔය කිව්වාට අර හිටන් වගේ කෙනෙකුත් ජනාධිපති කරපු මිනිස්සු එන්න රටක් කියලා අමතක නොකරමු...

:       8       20

Saman Wednesday, 10 April 2024 06:10 PM

අයියේ ඔහේගේ ඔය බෙල්ලේ ඔතාගෙන ඉන්න කුණු ලේ පාට පරම්පරා සාටකේ දැක්කාම අපිටත් තේරෙනවා ඔහේ ඉන්නේ සියවස් දෙක තුනකට එහා කියලා. ගොන් ආතල් ගන්නවා කියලා ඔච්චරටම ගන්න එපා අයියේ...!

:       0       0

sk Wednesday, 10 April 2024 06:32 PM

ඔය කොහොම හයිය පෙන්නුවත් අපි ඕනෑ කරන වෙලාවට අපේ හයිය පෙන්නන්නම්...

:       0       1

chandima Wednesday, 10 April 2024 06:36 PM

ගමින් ගමට යන්නේ ලැම්බොගිනියේද? නැතිනම් හයිඑස් වෑන් එකේද?

:       0       1

RASL SENADHEERA Wednesday, 10 April 2024 06:59 PM

කිරි පුතේ...! ඔයාලා මොනවා කරන්නද? මම විශ්‍රාමික අයෙක්... අපි ජීවත් වන්නේ හරිම අමාරුවෙන් ඡන්දයක් ආවාම අපේ හයිය පෙන්වන්නම්... අපේ මුළු රටේම විශ්‍රාමික අයගේ බලය...

:       0       0

චතුරි Thursday, 11 April 2024 01:41 AM

අපේ ගමට එන්න පුළුවන්. උගත්, බුද්ධිමත් කට්ටියට පමණයි. කිසිම හොරෙකුට මේ රට නැවත බාර දෙන්න ගමේ මිනිස්සු මෝඩ නැහැ.

:       0       0

සුරලොව ඇල්මන් Thursday, 11 April 2024 04:42 AM

දවස පුවත්පත් ආයතනයේ රිවිරැස පත්‍රයේ පලවූ කාටූන් එකක් බොහොම කාලෙකට පස්සෙ දකින්නට ලැබුනා හරිම සංතෝසයි

:       0       0

de silva Thursday, 11 April 2024 01:22 PM

තංගල්ලේ තත්වය නම් මම දන්නේ නැහැ , මෙහෙනම් කැන්වසින් කරන්න ගෙදරින් ගෙදරට යන්න වෙන්නේ එස්ටීඑෆ් ගාර්ඩ් එකක් දමාගෙන

:       0       0

විදුර Thursday, 11 April 2024 04:30 PM

එන්නම් උබේ හයිය බලන්න අපිට කන්න නැතුව ගිනියම් වෙලා ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 392 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site