(නිමන්ති රණසිංහ)
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියේ පැමිණීල්ලට අදාළ කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත හෙළි කිරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (4) එම සිද්ධියේ පැමිණීලිකරු වූ දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන අයට තහනම් නියෝගයක් නිකුත් කළේය.
පැමිණීලිකරු මුල් අවස්ථාවේදී ලබාදුන් කරුණුවලට අමතරව වෙනත් හා වැඩිමනක් කරුණු මාධ්‍ය වෙත මුදාහැර මෙම විමර්ශන වෙනත් මඟකට යොමු කිරිමට උත්සාහ කරන බව පෙනී යන බවත්, තමන් දන්නා යම් තොරතුරක් වේ නම් ඒ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් වෙත පමණක් ප්‍රකාශ ලබා දෙන ලෙසත් අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 124 වගන්ති ප‍්‍රකාරව නියෝගයක් නිකුත් කරන්නැයි රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
ඒ අනුව අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 124 වගන්තිය අනුව අධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.