IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


නිමල්ගේ ඉල්ලීමට දුෂ්මන්තගෙන් පිළිතුරු

(ආරියරත්න රණබාහු)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීම කැඳවන ලෙස ඉල්ලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා වෙත ලිපියක් යවා තිබේ.

අමාත්‍යවරයා එහි සඳහන් කර ඇති කරුණු  අතර අධිකරණ වාරණයක් හේතුවෙන් පක්ෂයේ සභාපතිවරයාට එම ධුරයේ කටයුතු කිරීමට නොහැකි හෙයින් පක්ෂයේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම සඳහා විධිවිධාන සැලසීමේ හදිසි අවශ්‍යතාවයක් මතුවී ඇති බව සඳහන්  කර ඇත.

ඒ හේතුවෙන් ලබන සඳුදා (08) වැනිදා පෙරවරු 10ට එම රැස්විම කැදවන ලෙස හෙතෙම කියා ඇත.

එම රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ෂාන් විජේලාල්ද සිල්වා යන අය හැර සෙසු දේශපාලන මණ්ඩල සාමාජිකයින් ඊට කැඳවන ලෙසද  එම ලිපියේ සඳහන්  කර තිබේ.

නිමල් සිරිපාල මහතාගේ ලිපියට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාව රැකීමට තමා නීතියෙන්  බැඳී සිටින බැවින් ඊට පටහැනිව ක්‍රියා කිරීමට නොහැකි බවත් ඒ අනුව කැඳවීමට ඉල්ලා සිටි රැස්වීම පැවත්ව්මට නොහැකි බවත්එම පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාර්ථී දුෂ්මන්ත මහතා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාට   ලිපියක් යවමින්  දන්වා තිබේ.

අධිකරණයෙන් නිකුත් කරන ලද වාරණ නියෝගය තමන්ට මෙතෙක් නොලැබී ඇති ⁣ හෙයින්  එම නියෝගය ඇතුළත් කරුණු නොදැන මේ අවස්ථාවේ කටයුතු කිරීමට නීතිමය බලයක් නැති බවද වැඩ බලන මහලේකම්වරයා  අමාත්‍යවරයාට යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2018 (සංශෝධිත) ව්‍යවස්ථාවේ 16වගන්තිය අනුව ක්‍රියා කිරීමට තමා නෛතික ව බැඳි සිටින බවද එම ලිපියේ සඳහන්  කර ඇත. 



අදහස් (3)

නිමල්ගේ ඉල්ලීමට දුෂ්මන්තගෙන් පිළිතුරු

sirisena Friday, 05 April 2024 09:05 PM

රට දියුණු කිරීමට බාල මහලු සැමදෙනාම තරගයට පොරකති...

:       0       1

Prabha Friday, 05 April 2024 09:41 PM

නින්දෙන් ඇහැරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි...

:       0       1

de silva Saturday, 06 April 2024 08:53 AM

ඔය නායකයෝ සියලුදෙනාම විශ්‍රාම ගිහින් පහුගිය කලේ හම්බු කරගත්තු ප්‍රකෝටිපති ධනස්කන්ධය සැප විඳලා ජීවත්වෙන්නේ නැතුව ඇන කොටගන්නා එකේ තේරුමක් නැහැ... ඉදිරි අවුරුදු 10ට ඔය පුටු, අත්, පොහොට්ටු පක්ෂවලට ඡන්දේ දීලා අමාරුවේ වැටෙන්න ඡන්ද දායකයෝ බහුතරයක් කැමැති නැහැ... දැන්ම විශ්‍රාම ගිහින් සීන් එකෙන් ඉවත්වුණොත් මිනිස්සුන්ට ඔයාලා කරපු කියපු දේවල් සහ ඔයාලාවත් අමතක වේවි.. එහෙම නැතුව දිගින් දිගට අවසානය දක්වාම වේදිකාවේ නටන්ට පිස්සු කෙළ කෙළ හිටියොත් අරගලකයක් වැනි ප්‍රශ්නයක් අවොත් ගුටි කන්න සහ දේපල විනාශ කරගන්න වේවි... එහෙම නැතිනම් අලුත් ආණ්ඩුවෙන් පසු හිරේයන්න වේවි...! හොඳම උදාහරණය සජින් වාස්, දැන් කවුරුවත් ඔහු ගැන කතා කරන්නේ නැහැ.. හොඳට හම්බු කරගෙන මාරුවෙලා ගිහින් සැපවත් ජීවිතයක් ගතකරනවා..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

රනිල් යළි ඉන්දියාවට
2025 මැයි මස 06 3 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ තෙදින සංචාරයක් සඳහා අනිද්දා (8)පිටත්ව යයි.


අග්‍රාමාත්‍යවරිය - යුරෝපා සංගම් අතර සාකච්ඡාවක්
2025 මැයි මස 06 14 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ඨීඡ+ අධීක්ෂණ මෙහෙයුමේ කොටසක් ලෙස යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස්


ගාල්ලේ සියයට 63යි
2025 මැයි මස 06 40 0

ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ඡන්ද දායකයන්ගෙන් සියයට 63ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් තේරිම් බාර නිලධාරි ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා පැවසිය.


දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සියයට 62.8 ඡන්දය දෙති
2025 මැයි මස 06 321 0

2024 පලාත් පාලන ජන්ද විමසීම ප.ව. 4.00 ට අවසන් වනවිට දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්ද දායකයින්ගෙන් 62.8 % ක් සිය ජන්දය ප්‍රකාශකර ඇති බව, අම්පාර දිස්ත්‍රික් ලේකම් හ


ග්‍රාමාත්‍යවරිය ඡන්දය ප්‍රකාශ කරයි
2025 මැයි මස 06 284 0

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කෝට්ටේ, මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඡන්දය ප්


රනිල් ඡන්දය ප්‍රකාශ කරයි
2025 මැයි මස 06 277 0

රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොලේජ් හවුස් හිදි සිය ඡන්දය ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 781 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 204 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1244 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site