IMG-LOGO

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා


නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලා විපක්ෂ නායිකාවට

(විමුක්ති එස් රුද්‍රිගු)

වෙනිසියුලානු විපක්ෂය නායිකා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිනී මාරියා කොරිනා මචාඩෝට නොබෙල් සාම තෑග්ග හිමි වූවාය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් නොබෙල් සාම ත්‍යාගය ලැබීමට සුදුස්සකු බවට ප්‍රසිද්ධියේ සහ පුද්ගලිකව ගෙනගිය ප්‍රචාරණ ව්‍යාපාරය හේතුවෙන් මෙවර නොබෙල් සාම තෑග්ගට ලෝකයේම අවධානය හිමිව තිබිණි.

මාරියා කොරිනා මචාඩෝට නොබෙල් සාම ත්‍යාගය පිරිනමමින් නොබෙල් කමිටුව ප්‍රකාශ කර සිටියේ ඇය වර්ධනය වන අන්ධකාරය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ ගිනිදැල් දැල්වෙමින් තබා ගන්නා සමයට කැපවූ නිර්භීත ශූරියක බවයි.

1967 වසරේ උපන් මාරියා කොරිනා මචාඩෝට වෙනිසියුලාවේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් නොපසුබට උත්සාහය වෙනුවෙන් සහ ඒකාධිපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට සාධාරණ හා සාමකාමී සංක්‍රාන්තියක් සිදුකිරීම සඳහා කළ අරගලය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බව නොබෙල් කමිටුව ප්‍රකාශ කළේය.

මචාඩෝ ඉංජිනේරු විද්‍යාව සහ මූල්‍යකරණය පිළිබඳව හදාරා ඇති බවත් ඇය 1992 වසරේ කැරකස්හිදී වීදි දරුවන්ට ප්‍රතිලාභ සැලසීම සඳහා ඇටෙනියා නමින් පදනමක්ද පිහිටුවා තිබෙන බවත් නොබෙල් කමිටුව පැවැසුවේය.

මෙම වසරේ නොබෙල් සමා ත්‍යාගය සඳහා අයැදුම්කරුවන් 338 ක් සිටි අතර ඉන් 244 ක් පුද්ගලයන් වූ අතර 94 ක් සංවිධාන විය. පසුගිය වසරේ, ජපාන පරමාණු බෝම්බයෙන් දිවි ගලවා ගත් නිහොන් හිඩන්කියෝට කණ්ඩායමට පසුගිය වසරේ නොබෙල් සමා ත්‍යාගය පිරිනැමිණි.

 



අදහස් (1)

නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලා විපක්ෂ නායිකාවට

සමන් - ඕමානය Friday, 10 October 2025 07:28 PM

එතකොට අපේ තේ වලට හම්බ වෙච්චි නෝබෙල් තෑග්ග?

:       8       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 417 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 327 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site