
(ටී.කේ.ජී.කපිල)
නේපාලයේ කත්මණ්ඩු නුවර බලා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානය ප්‍රමාද වීම නිසා ගුවන් මගීන් 200 කට අධික පිරිසක් ගුවන් තොටුපොළ තුළ අසීරුතාවට පත් වී සිටියහ.
එම ගුවන් මගීන් අතර දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජජයකොඩි මහතා ද වේ .
මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 181 දරන ගුවන් යානය අද උදෑසන 08.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.
ඒ සදහා අමාත්‍යවරයා ඇතුළු ගුවන් මගීන් 200 කට අධික පිරිසක් උදෑසන 07.15 ට මෙම ගුවන් යානය තුළට නංවා තිබේ . එහෙත් මෙම ගුවන් යානය උදෑසන 11.00 වන තෙක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව නොගොස් තිබූ අතර , ඒ වනතෙක් එම ගුවන් මගීන් ද ගුවන් යානය තුළ රැදී සිට තිබේ .
නේපාලයේ භූ විෂමතාව අනුව කදුකර රාජ්‍යයක් වන අතර , සවස් කාළය වනවිට එහි කත්මණ්ඩු නුවර ගුවන් තොටුපොළ ඇතුළු ප්‍රදේශය මීදුමෙන් වැසී යන බැවින් මෙම ශ්‍රී ලන්කන් යූ.එල්.- 181 දරන ගුවන් ගමන උදෑසන පිටත්වීමට නොහැකි වීම නිසා , බොහෝ විට අතහැර දැමීමට සිදු විය හැකි බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය .
පසුව මෙම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වී ඇති බැවින් මෙම ගුවන් ගමන සදහා වෙනත් ගුවන් යානයක් ලබා දෙන බව ප්‍රකාශ කළ ද , එය දහවල් වනතෙක් ඉටු වී නොමැත .
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මේ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා වගකිවයුතු බවයි . මෙම ගුවන් යානය තුළ නේපාලයේ කත්මණ්ඩු නුවර වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානා මගින් වෙනත් ගමනාන්ත වෙත යන විදේශීය සංචාරකයන් විශාල පිරිසක් සිටින බව ද හෙතෙම පැවසීය .
මේ පිළිබඳව ගුවන් තොටුපොළ බලධාරීන්ගෙන් විමසූ විට මෙම සිදුවීම තාක්ෂණ නිලධාරීන් සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා හට ගෙන ඇති බවත් , මෙම ගුවන් ගමන සදහා වෙනත් ගුවන් යානයක් ලබා දෙන බව ප්‍රකාශ කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය .
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නේපාලයට පියාසර කරන්න සිටි යානය තවමත් ගුවන්තොටේ
Kazi Shajahan Sunday, 01 October 2023 03:31 PM
ශ්‍රී ලන්කන් එයාර් ලයින් එක කුණු කොල්ලයට විකුණන්න ප්ලෑන් කරනවා. මේ වගේ දේවල් එක දිගටම කරලා , මේක ආණ්ඩුවේ වැඩක්. අපි දන්නවනේ ඩබල් ගේම්...!
Nimal Sunday, 01 October 2023 05:22 PM
රාජ්‍ය අමාත්‍ය ගිය නිසා මේක නිවුස් එකක් වුණා... නැතිනම් ඉතින්...!
chandima Monday, 02 October 2023 04:14 AM
ගුවන් යානයක වැසිකිළියවත් හෝදලා නැති කෙනෙක් ගුවන් යානා බාර ඇමති වුණාම ඔහොම වෙනවා.