IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නොපෙනෙන බලවෙිගයක් ගැන වෙල්ගමගෙන් හෙලිදරව්වක්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිට නොපෙනෙන බලවේගයක් එතුමාගේ කකුලෙන් අදින බව සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එලෙස කකුලෙන් අදින්නේ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් නොවෙි යැයිද මන්ත්‍රීවරු ජනාධිපතිතුමාට කැමති බවද වෙල්ගම මහතා කීය.

ජනාධිපතිතුමාගේ යෝජනා ක්‍රියාත්මක කළොත් නොපෙනෙන බලවේගය අප්‍රසාදයට පත් වෙන බවත් දූෂිතයන් සිටිනවා නම් ඔවුන්ට තනතුරු දෙන්න එපා යැයි තමා ජනපතිට කියන බවත් කුමාර වෙල්ගම මහතා පැවසීය.

"රනිල් වික්‍රමසිංහ මහතාගේ අයවැය ඇත්තටම හොඳයි.එය අද කාලෙට ගැලපෙන අය වැයක්.මේක ක්‍රියාත්මක කරන්න බැරිද? පුළුවන් ද කියා මා දන්නේ නැහැ. අයවැය  පරතරය සියයට සියයයි. ඒකට ණය ගන්න වෙනවා.

පසුගිය අයවැයේ වුනේ  මේසෙට ගහපු එක පමණයි. මේ සැරේ එහෙම නොවේවා කියා කියනවා .කෘතහස්ත දේශපාලකයෙක් විදියට රනිල් වික්‍රමසිංහ මහතා වැඩේ කරනු ඇතැයි මා සිතනවා"යනුවෙන් ද වෙල්ගම මහතා කීය.

තමා ආණ්ඩුවට යන්නේ නැතැයි ද අවුරුදු හතක් ඇමතිකම් නැතිව හිටපු තමාට දැන් ඇමතිකම් වැඩක් නැතැයිද  නමුත් රට ගොඩනැගීමට  වාද භේද දුරලා එකතු විය යුතු බවද මන්ත්‍රීවරයා කීය.

චීනය ,ඇමරිකාව ආදී රටවල් උදව් කරන්නේ ලොකු බලාපොරොත්තු ඇතිව නමුත් ඉන්දියාව දැනට ඩොලර් බිලියන 4ක ආධාර ලබා දී තිබෙන බවත් මේ පිළිබඳව අපි" අපේ ලොකු අයියාට" අත් දෙක උත්සාහ වැඳිය යුතු අතර "ලොකු අයියා,මල්ලිලා" හොඳට බලාගන්නා බව පෙනෙන්නට ඇතැයි පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.



අදහස් (4)

නොපෙනෙන බලවෙිගයක් ගැන වෙල්ගමගෙන් හෙලිදරව්වක්

Thanks Thursday, 01 September 2022 02:32 PM

ඔය නොපෙනෙන බලවෙිගයට බැරිද චීනාට දෙන්න තියෙන අපේ රටේ ණය ඔක්කොම අදෘෂ්‍යමානවම තුරන් කරලා දෙන්න..!

:       0       7

ruwan Thursday, 01 September 2022 04:19 PM

නොපෙනෙන බලවේග පේන එක විතරයි මෙච්චර කල් නැතුව තිබ්බෙ. දැන් ඒ වරමත් ලැබිලා.

:       0       8

fairoos Thursday, 01 September 2022 04:31 PM

අම්මෝ මෙයාගේ බයිලා... ලඟදීම ඇමැතිකමක් හම්බවෙයි වගේ..

:       0       0

වීරවිජේ Thursday, 01 September 2022 04:41 PM

ඔයාට කාවද පේන්නේ... චන්ද්‍රකාවද? ඥාණක්කවද? සෙව්වන්දිවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site