
(අංජුල මහික වීරරත්න)
හෙළයේ අග්‍රගණ්‍ය ගායනවේදනී අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනියගේ භෂ්මාවශේෂ කැළණි නදියේ පා කළ බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පැවසීය.
තමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ස්මාරක ඉදි නොකරන ලෙසට නන්දා මාලිනිය ජීවත්ව සිටියදී කළ ඉල්ලීමට අනුව ඇගේ භෂ්මාවශේෂ කැලණි නදියේ පා කර තිබේ.
ඒ අනුව නන්දා මාලිනියගේ භෂ්මාවශේෂ ඇයගේ ඥාතීන් විසින් ඉකුත් සෙනසුරාදා (12) උදෑසන කල්‍යාණි නදියට මුදා හළ බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සඳහන් කළේය. දශක හතක් පුරා ලාංකේය ජන මනස පුබුදුවාලමින් ගී ගැයූ නන්දා මාලිනිය අගෝස්තු 20 වැනිදා සන්ධ්‍යාවේ අභාවප්‍රාප්ත වූවාය. නන්දා මාලිනිය එලෙස නික්ම ගියේද අවමංගල්‍ය උත්සව, ගුණ කථන කිසිවක් එපා යැයි අවසන් කැමැත්තේ ලියා තබාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරහංකාර, ප්රසිධිදිය නොතැකූ ගායන ශිල්පීනියක් . ඇමරිකාවේ අප විසින් සංවිධානය කල රෝහන වීරසිංහ සහ ඔහුගේ දක්ශ වාදක ම්ංඩලය සමග පැමිනි ඇය, කිසිම තෑග්ගක්, තිලිනයක් ගැනීම ප්‍රතික් කල ඇයගේ නිහතමානී භාවය මැනැවින් හංදුනා ගත්තා. සුනිල් , ඔයා කරන මෙහෙය අපි ඉතාමත් අගය කරණවා. ඔබතුමිය අමරදේවයන් වැනි උතුම් කලාකරුවන් වැඩසිටින විශ්වයේ මිහිරි හ හංඩ වලින් පිරුනු දේශයට පිවිසීමට වරම් ලැබේවා.
මෙය පිළිකුල් සහගතයි. ස්වභාවික ජලය දූෂණය කිරීමට කවුරුන් හෝ කැමති වන්නේ ඇයි?
ඔක්තෝබර් නෙවවෙයි අගෝස්තුවේ එතුමිය අපිට නැති උනේ. නිවැරැදි කරන්න වගකීමක් ඇතුව වැඩ කරන්න
වසර කිහිපයකට පෙර අප අතරින් සදහටම සමුගත් අපගේ සොහොයුරා, බොරැල්ල කනත්ත සුසාන භූමියේදී අති විශාල පිරිසක් ඉදිරියේ ආදාහනය කලා. අපේ ඊළඟ ප්රශ්නය වූයේ භෂ්මාවශේෂ වලට කුමක් කළ යුතුද යන්නයි. පැමිණි සිටි පිරිස අතර සිටි ශ්‍රීලංකා පොලිසියේ උසස් නිලධාරීයෙකුගෙන් මා ඒ ගැන විස්තර ඇසූවිට එතුමා කීවේ භෂ්මාවශේෂ හෙවත් අළු ගංගා ජලයෙ පාකර යැවීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි හෙයින් ඒවා බදුනකට එකතූකරවාගෙන පවුලේ සුසාන භූමියේ තැන්පත් කිරීම උචිත බවයි. ගංගා ජලය මිනිස් හා සත්ව පරිභෝජනය සඳහා ගන්නා හෙයින් අළු පානීය ජලයේ මිශ්‍ර කිරීම නීති විරෝධී බව ඔහු අපට පැහැදිලි කලා. සිය අළු කැලණි නදියේ පාකර යැවීමට නන්දා මාලනිය තමන්ගේ අන්තිම කැමති පත්‍රයෙ සදහන් කර නැත. ඇය වටා තවමත් ජීවිත්ව සිටින මොඩයන් රැලක් විසින් නන්දා මාලනිය ගෙ අළු, කල්‍යාණි නදියේ ජලය පානය කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සිරුරුවල තැන්පත් කිරීම ඇයට කරන ලද විශාල අපහාසයක් බව පැහැදිලිවම පෙනෙනවා ...