(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
තවලම්පිටිය ප්‍රදේශයේ නිධන් ලකුණු සහිත ගල් කුලක් පුපුරුවා නිධන් ලබා ගැනීමට උත්සාහ උත්සාහ කරමින් සිටි තරුණයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තවලම්පිටිය ප්‍රදේශයේ තරුණයෙකු හා කඩවත ප්‍රදේශයේ තරුණයන් තිදෙනෙකි.
තවලම්පිටිය පාසල ඉදිරිපිට ආරාම පාරේ නිවසක් පිටුපස ගල් කුලක් මෙසේ කඩා නිධන් හෑරීමේ යෙදී සිටි බව පොලිසිය සඳහන් කරයි .
තවලම් පිටියේ තරුණයා ගේ මිතුරන් තිදෙනා කඩවත සිට පැමිණි බව කියන මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත .
කළු ගල් පිපිරවීම සඳහා යොදා ගන්නාවෙඩි බෙහෙත් ජෙලිකූරු වයර් ඩ්‍රිල් කටු හා ඩ්‍රිල් යන්ත්‍රයක් හා පූජා භාණ්ඩ ද මේ ස්ථානයේ තිබී පොලිසියට හමු වී තිබේ .
පොලිසියට ලැබුණු තොරතුර මත පොලිස් සැරයන් 14815 උපනන්ද මහතා ඇතුළු නිලධාරීන් මෙම ස්ථානය වැටලීමේ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
පසුව සිදු කෙරුණු විමර්ශනයේ දී සෙසු සැකකරුවන් දෙදෙනා තවලම්පිටිය තරුණයා ගේ නිවස පිටුපස පිහිටි වැසිකිළියේ කොන්ක්‍රීට් ලෑල්ල මත නිදාගෙන සැගවී සිටියදී අත් අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි .
එක් සැකකරුවකු ප්‍රධාන පෙළේ රෝහලක උපස්ථායකයෙකු ලෙස සේවය කරන පුද්ගලයකු බවද හෙළිවී ඇත. සැකකරුවන් අධිකරණය හමුවට පැමිණීමට නියමිතය මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත් වේ
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධන් හෑරූ හතරක් මාට්ටු