
(ගයාන් සූරියආරච්චි සහ තිළිණි මධුෂානි)
76 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු පුහුණුවීම් සදහා කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසිය.
නිදහස් දින සැමරුම වෙනුවෙන් අද (30) සිට ලබන (3) වැනිදා දක්වා පෙරවරු 6.00 සිට දහවල් 12.00 දක්වා පෙරහුරු පැවැත්වීමට නියමිතය.
නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් ලබන (3) වැනිදා දින පස්වරු 2.00 සිට ලබන (4) වැනිදා දින උත්සවය අවසන් වනතුරු විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කර තිබේ.
බස්රථ සහ සැහැල්ලු වාහන ගාලුපාර ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ඇතුළු වන වාහන බම්බලපිටිය හන්දියෙන් දකුණට හැරී බෞද්ධාලෝක මාවත, තුම්මුල්ල හන්දිය, තර්ස්ටන් පාර ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ගමන් කළ හැකි අතර කොල්ලුපිටිය හන්දියෙන් දකුණට හරවා ලිබර්ටි වට රවුම, ධර්මපාල මාවත ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ගමන කළ හැකිය.
ඕල්කට් මාවත, කාර්මික විද්‍යාල හන්දිය, සංඝරාජ මාවත, පංචිකාවත්ත පාර මරදාන පාලම් හන්දිය, ගාමිණී වටරවුම ඔස්සේ රථවාහන කොටුව, පිටකොටුව සිට කොළඹින් පිටවීම කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
බස්රථ හැර වෙනත් බර වාහන වැල්ලවත්ත, ඩබ්ලිව් ඒ. සිල්වා මාවතෙන් දකුණට හරවා පරණ හැව්ලොක් පාර, මායා වටරවුම, හැව්ලොක් පාර ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ගමන් කළ හැකි අතර ඕල්කට් මාවත හරහා කාර්මික විද්‍යාල හන්දිය සංඝරාජ මාවත පංචිකාවත්ත පාර, මරදාන පාලම් හන්දිය, ගාමිණී වටරවුම, ටී.බී. ජයා මාවත ඔස්සේ වාහන කෙටුව, පිටකොටුව සිට පිටවිය හැකි බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිදහස් සැමරුමට රථවාහන සැලැස්මක්