IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් අධිකරණ ඇමැතිනියට ලිපියක්

(බිඟුන් මේනක ගමගේ)

ජනමාධ්‍ය නිදහසට බරපතල තර්ජනයක් එල්ල විය හැකි යැයි පවසමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මියට ලිපියක් යොමුකර ඇත.

අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්නන් සහ වෛරී ප්‍රකාශ පළකරන්නන් හට දඩ හා සිර දඬුවම් නියම කිරීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය විධිමත් පැහැදිලි කිරීමකින් තොරව සංශෝධනය කිරීමෙන් ජනමාධ්‍ය නිදහසට බරපතල තර්ජනයක් එල්ල වන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දන්වාසිටියි.

අසත්‍ය සහ වෛරී ප්‍රකාශ මේ වනවිට රටේ බරපතල ප්‍රශ්නයක් බවත් ඒවා වැළැක්වීමට පියවර ගැනීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරය බවත් එසේ වුවත් ඒ සඳහා දැනට පවතින නීති නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවත් එහි සඳහන් වේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඉල්ලීම අනුව මීට අදාළ කැබිනට් පත්‍රිකාවක් අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇතැයි ද ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් දෙන්නැයි විෂය භාර ඇමැතිනියගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය ලිපියේ සඳහන් කර ඇත.

දැනට ඒ සඳහා පවතින නීති , පදනමකින් තොරව විවිධ පාර්ශ්වයන් සිය අවශ්‍යතා මුදුන් පමුණුවාගැනීමට යොදාගන්නේ යැයි ද එහි දැක්වේ.

අයි.සී.සී.පී.ආර් පනත යටතේ චෝදනා එල්ල කර ලේඛක ශක්තික සත්කුමාර මහතා මාස දෙකහමාරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබීමත් ප්‍රවීණ මාධ්‍යවේදී කුසල් පෙරේරා ලියූ පුවත්පත් ලිපියක් පදනම් කරගෙන එම පනත යටතේම පරීක්ෂණයක් ආරම්භ කර තිබීමත් ඊට කදිම නිදසුන් යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. 

 



අදහස් (0)

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් අධිකරණ ඇමැතිනියට ලිපියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 57 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site