IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’නිදහස් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය මරලා’’

(ඩයනා උදයංගනී)

නිදහසින් පසු මෙරට වැඩිම ප්‍රජාතන්ත්‍රවාදයක් තිබූ පක්‍ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය මේ වන විට මරාදමා ඇතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (5) පැවසුවාය.

එමෙන්ම එම පක්‍ෂයේ ප්‍රතිපත්තියද විනාශ කර ඇති බව කී හිටපු ජනාධිපතිනිය තමන්ට වැදගත් වන්නේ පක්‍ෂයේ ප්‍රතිපත්ති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්‍ෂා කළ ජනතාව පමණක් බැවින් ඔවුන් වෙනුවෙන් තමන් ඉදිරියේදීත් වැඩ කරන බව ද සඳහන් කළාය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ගේ සභාපතිත්වයෙන් යුත් ‘නව ලංකා නිදහස් පක්ෂයේ’ පක්ෂ මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (10)

’’නිදහස් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය මරලා’’

shadow Monday, 05 September 2022 04:10 PM

ප්‍රජාතන්ත්‍රවාදයත්, මාධ්‍ය නිදහසත් රජය විසින් මුදල් ගෙවා මිලයට ගැනීමෙන් සහ පාලනය කිරීමෙන් රටේ ප්‍රශ්න ඒ ඒ තැන්වලම නිහඬව මියයමින් පවතියි..!

:       2       15

පුරවැසියෙක්...... Monday, 05 September 2022 04:42 PM

පාර්ලිමේන්තුවේ සිටින 225ම රට, ජාතිය ගැන සිතා දේශපාලන පක්ෂ 225 ක් පිහිටුවීමට කටයුතු කරයි වගේ...

:       1       19

K Perera Monday, 05 September 2022 05:20 PM

ඉතින් හිටන්ව යවන්නකෝ.. වැඩේ ඉවරයිනේ...!

:       1       19

podimalli Monday, 05 September 2022 06:10 PM

ඔයා ජනාධිපතිවෙලා හිටපු කාලේ රටේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය අපි දැක්කා. වයඹ දූෂිත පළාත්සභා ඡන්දය මතකද? 2001/2003 රනිල්ගේ ආණ්ඩුව බහුතරය තිබෙද්දි විසුරුවා ඇරලා ජෙප්පො එක්ක ආණ්ඩුවක් හැදුවා. දන්නෝ දනිති.

:       1       15

AB Monday, 05 September 2022 07:35 PM

අවංක, බුද්ධිමත් පිරිසක් ඉදිරිපත් වුවහොත් ලංකාව දියුණුකිරීමට අපහසු නැත. පාලකයින් අවංකව විනිවිද භාවයෙන් සහ විශ්වාසයෙන් කටයුතු කළහොත් දියුණු රටවල් අප සමග සිටගනු ඇත...

:       0       8

Saththaya Tuesday, 06 September 2022 07:26 AM

දැන් කව්රුත් නැහැනේ, ඔක්කොමල අවීචි මහා නරකාදියට ගිහින්නේ...!

:       0       1

Bamunuarachchi Tuesday, 06 September 2022 08:15 AM

අන්ධයන් වසන රට එක ඇසක් ඇතොත් රජ කියන සිංහල කියමන මතක් වෙන්නේ මට විතරද?

:       2       2

Kamal Tuesday, 06 September 2022 09:23 AM

අනිත් මිනිස්සුන්ට නින්දා අපහාස කරනවා හැර වෙන මොනවද බමුණො උඹ දන්නේ.

:       0       1

BamunuarachchiWednesday, 07 September 2022 09:03 AM

ඔයා කවද්ද සිංහල කියමන් අහලා තිබෙන්නේ...? මේවා අපේ භාෂාවේ තිබෙන්නේ සුදුසු තැනට පාවිච්චි කරන්න. ඉංග්‍රීසියෙන් Witty තේරුම නොදන්නා එකාට අපහාසය උපහාසය හා ක්ෂණික වචන පාවිච්චිය තේරුම් ගන්න බැහැ... නොදන්නා සිංහලේට ගිහිල්ලා වරිගේ නහගන්නේ නැතුව ඉන්න ගොයියෝ. මේකවත් තේරුණාද දන්නේ නැහැ...! 

:       0       0

Senarath Tuesday, 06 September 2022 09:26 AM

කකුලු උපඩෙස් දෙන්න හරිම දක්ශයි. ඡෞර රැජින පොත බලුවනම් ඔක්කොම විස්තරෙ තියෙනව.චන්ද්‍රිකාලගෙ කොන්ඩෙ බලහත්කරයෙන් කපල ගෙවල් ගිනිතියපුව වෙන්න ඇති මෙයාගෙ ප්‍රජාතන්ත්‍රවාදය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 227 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site