
(අංජුල මහික වීරරත්න)
හැත්තෑ හය වැනි ජාතික නිදහස් උළෙල "හදමු අලුත් රටක්" තේමාවෙන් කොළඹ ගාලු මුවදොර දී අද පෙරවරුවේ අභිමානවත් අයුරින් පැවැත්වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නිදහස් උළෙල සඳහා ගෞරවනීය ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින් (Srettha Thavisin) මහතා සහභාගී වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර නිදහස් උළෙල ඇමතීමක් නොකරන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
එමෙන්ම නිදහස් උළෙල සංස්කෘතිකාංග වලින් තොරව ත්‍රිවිධ හමුදා උත්තමාචාර වලට පමණක් සීමා කිරීමට ද තීරණය කර ඇත.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කීවෙි තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ දෙදින නිල සංචාරය අසනීප තත්ත්වයක් නිසා එක් දිනකට සීමා වී ඇති හෙයින් ඔහු පැයක කාලයක් සඳහා පමණක් නිදහස් උළෙලට සහභාගී වන බවයි. නිදහස් දිනයට පැමිණෙන ආරාධිතයන්ට පිළිගැන්වීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ සමරු කලාපයක් සම්පාදනය කරන අතර නැවත පරිශීලනය කළ හැකි සමරු කළඹක් ලෙස එය සකසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ප්‍රවෘත්තිය අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතාට උපදෙස් දී දුන්නේය.
එමෙන්ම එම සමරු කළඹෙහි ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ තායි භාෂා වලින් පළ කරන ලෙසත් ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.
ඡායා ළහරු හර්ෂණ
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිදහස් උළෙල තව මොහොතකින්
පුරවැසියා Sunday, 04 February 2024 07:50 AM
පාලකයන් පිස්සු කෙලිති... පුරවැසියන්ට නිදහසක් නොමැත.