
( බී.ජී. චතුරංග සහ දයාරත්න ඇඹෝගම)
බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් සහ සතුනට හිංසා වන අයුරින් එළුවන් 89ක්, ගවයින් 16 ක්, ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථ දෙකක් සැකකරුවන් තිදෙනෙකු සමග, අද (16) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්දන අංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිහින්තලේ උපුල් දෙනිය, මුස්ලිම් කටුකෑලියාව සහ පුත්තලම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 40ත් 50ත් අතර වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි.
අනුරාධපුර පුත්තලම ඒ 12 ප්‍රධාන මාර්ගයේ මහබුලන්කුලම ප්‍රදේශයේ දී සිදු කරන ලද වැටලීමකදී මෙම ලොරි රථ 2 ක සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර එක් ලොරි රථයක එළුවන් 89 සහ එළ ගවයින් 7 ක්, සිටි බවත් අනිත් ලොරියේ එළ ගවයින් 9 ක් ප්‍රවාහනය කරමින් තිබූ බවත් පොලීසිය සඳහන් කළේය.
එළුවන් සහ ගවයින් ප්‍රවාහනය කල ලොරි රථය කිළිනොච්චිය ප්‍රදේශයේ සිට පුත්තලම ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබූ එකක් බවත්, එළ ගවයින් 9 නවයක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථය සෙට්ටිකුලම සිට කොළඹ කොච්චිකඩේ දක්වා ගමන් කරමින් තිබූ බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීති විරෝධිව ගවයින්-එළුවන් ගෙන ගිය තුනක් අල්ලයි