IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නීති විද්‍යාලයේ සල්ලි හිදී අර්බුදයක

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නීති විද්‍යාලය  සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් නොකෙරෙන හෙයින්  මුදල් අය නොකර  විද්‍යාලය  තවදුරටත් පවත්වාගෙන යෑමේ  ලොකු අර්බුදයක් පවතින බව එහි විදුහල්පතිවරයා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අමාත්‍යාංශයීය  උපදේශක කාරක සභාවේදී  ප්‍රකාශ කළේය.

ආර්ථික අර්බුදය සමඟ වියදම් වැඩිවීම නිසා සිසුන්ගෙන්  අමතර ගාස්තු අය කිරීමට සිදුව ඇතැයිද  ඔහු  සඳහන් කළේය.

විදුහල්පතිවරයා මෙසේ පැවසුවේ සිසුන්ට බර පැටවෙන ආකාරයෙන් නීති විද්‍යාලයේ ගාස්තු ඉහළ නැංවීමේ පදනම කුමක් දැයි කමිටුව ප්‍රශ්න කළ අවස්ථාවේදීය.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය අමාත්‍යාංශයීය  උපදේශක කාරක සභාව  අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 23 වැනිදා
රැස්විය.

නීති විද්‍යාලයේ සිසුන් මත බර නොපටවා වෘත්තියේ නියැලෙන නීතීඥවරුන්ගෙන් සාමාජික ගාස්තුවක් අයකර ගැනීමේ යෝජනාවක්ද  මෙහිදී සලකා බලන ලදී.  ඒ සම්බන්ධයෙන්  තවදුරටත් සාකච්ඡා කළ යුතු බව කාරක සභා සභාපති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා
ප්‍රකාශ කළේය.

මේ අතර නීති අධ්‍යයන සභාවේ ගැසට් පත්‍රය පිළිබඳවද එහිදී   අවධානය යොමුවිය.

මෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර නීතිවේදී උපාධිය  ලබාගත් හෝ නීතිවේදී උපාධිය සඳහා ලියාපදිංචි වූ සිසුන්ට එමගින් විශාල අසාධාරණයක් සිදුවන බව කමිටුවේ අදහසවිය.



අදහස් (3)

නීති විද්‍යාලයේ සල්ලි හිදී අර්බුදයක

Lalla Friday, 01 September 2023 03:55 PM

නීති විදුහලේ සල්ලිවලට ඉගෙන ගත්තාම මොකද? ඕකට දුප්පත් අය යන්නේ නෑ. නීති පීඨයට සල්ලිවලට ගන්නේ නෑනේ...

:       1       1

චින්තක Friday, 01 September 2023 05:57 PM

වෘත්තියේ නියැලෙන අයගේ සාමාජිකත්වය මත විද්‍යාලයේ කටයුතු කරන්න ගතහොත් නරකම නැහැ කියලා හිතෙනවා එහෙම කියන්නෙ පේනවා නේද රජයේ විශ්ව විද්‍යාලවල තත්වය කොහොමද කියලා... ඒත් ඉතින් අන්තිමේ ඒක සාමාජිකයන්ගේ බූදලයක් වුණොත් කියන ප්‍රශ්නය තියෙනවා.. ඒ අතරම දොස්තරලාත් එහෙම එකක් කරන්න ගත්තොත් නම් වරදක් නැහැ..

:       0       2

Bamunuarachchi Sunday, 03 September 2023 04:47 AM

පාසල් අධ්‍යාපනය නොමිලේ දුන්නාට දුප්පත් මිනිහගේ බදූ සල්ලි වලින් නීතිඥයෝ, දොස්තර ගොල්ලෝ, ඉංජිනේරුවෝ කොටින්ම වෘත්තිකයෝ බිහික‍රන්න බැහැ. විශේෂයෙන් නීතිඥයෝ බිහි කරන්න බැහැ. ඒ නිසා මුදල් අයකළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 351 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site