IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නීති කඩා යාල කැලේට රිංගූ සැකකරුවන් වහාම අධිකරණය හමුවට ගෙන්න

(නිමන්ති රණසිංහ සහ අමිල සම්පත් ශ්‍රී )

යාල ජාතික වනෝද්‍යානයට ඇතුලු වී වන සතුන්ට හිංසා වන පරිදි අනිසි ලෙසින් නිති විරෝධීව හැසිරුනැයි කියන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශණයක් පවත්වා ඊට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිදු සමීර සිල්වා මහතා වනජීවි දෙපාර්තමේන්තුවට අද (25) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ සී සී ටී වී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු අදාළ වාහන අංක සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමිසාරිස් දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැදවා විමර්ශනයන කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා වනජීවි දෙපාර්තමේන්තුවට නියම කළේය.

මෙම පිරිස නියාමක මග පෙන්වන්නන්ගේ අවවාද නොතකා වනෝද්‍යානය තුළ වේග සීමා ඉක්මවින් වාහන ධාවනය කර ඇති බවත් එමගින් වනෝද්‍යානයේ සතුන්ට හිංසාවක් වන අයුරින් කටයුතු කර ඇති බවට කරුණු අනාවරණය වූ බවත් වනජීවි දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙම පිරිස පාලනය කර ගත නොහැකි වූ මගපෙන්වන නියාමකවරුන් හත් දෙනා නියමිත වේලාවට කලින් එනම් එදින පස්වරු පහයි තිහට පමණ තම රාජකාරියෙන් ඉවත්වීමට කටයුතු කර ඇති බවට යාල උද්‍යාන භාරකරු සදහන් කළ බවද වනජීවි දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.



අදහස් (7)

නීති කඩා යාල කැලේට රිංගූ සැකකරුවන් වහාම අධිකරණය හමුවට ගෙන්න

Nimal Tuesday, 25 October 2022 10:38 PM

යාල ජාතික වනෝද්‍යානයට ඇතුලු වී වන සතුන්ට හිංසා වන පරිදි අනිසි ලෙසින් නිති විරෝධීව හැසිරුනැයි කියන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශණයක් පවත්වා හඩක් නැගිය නොහැකි නිතිය හමුවට පැමිණිය නොහැකි වනසතුන් වෙනුවෙන් සහ සමස්ත සොබධර්මය වෙනුවෙන් නිතිය ඉටුවේවා. සියලු පුරවැසියන් නීතියට යටත්වේ. බලය, තනතුරු හෝ දේශපාලන සම්බන්දකම් මත නිතිය අවනීතිය නොවිය යුතුවේ.

:       0       38

Sunil Wednesday, 26 October 2022 06:06 AM

ගිනි ගන්න රටක කෙලි අම්බරුවන් වැනි පුතුන්. උන්ගේ අප්පලට වඩා කාලකන්නි.

:       0       16

පුරවැසියා Wednesday, 26 October 2022 07:39 AM

සියලු වාහන තොරතුරු සමාජ ජාලාතුල සංසරණය වෙනවා. සොයාබලමු . ඇමැති පුතුන් බේරාගෙන හොර අංක වාහන බේරාගෙන , ඔය ඔක්කොම වාහන නැතුව දෙක තුනක් දමලා වැඩේ ගොඩයන්න පුලුවන් .. උනුත් අපේ දරුවන් නේද නිලධාරීන් ඔක්කෝම වැඩ තහනම් කරන්න ඕනෑ නැත්නම් ඕවුන් හැමදාම හැමෝගෙම වාහන ඔහොම යන්න දෙය්.. පඩි නවත්වලා දඩුවම දීලා අමතක නොවන ලෙස කටයුතු කරන්න ඕනෑ . ඇමැති පුතා ඔතෙන්ට ඊර්ෂ්‍යාව නිසා දමාගෙන තියෙන්නේ ..එයා තමා ඔහොම කරන්න බෑ කියලා කට්ටිය හරවා එවලා තියෙන්නේ ..ඌට සම්මාන සන්නස්පත්තරයක් දෙමු.

:       1       10

බන්දුල අල්විස් Wednesday, 26 October 2022 07:50 AM

මෙම වාහන වසර 03 කට black list කරනවා කියන්නේ රටේ ජනතාව අන්දන්න කරන වැඩක් . මොකද මෙතන ඇමති පුතෙකුත් ඉන්න නිසා වැඩේ ශේප් කරන්න හදන්නේ .මුන් ඔක්කොම වාහනත් සමගම අත්අඩංගුවට ගත යුතුයි .මේකට වනජීවී එකේ ඉහල නිලධාරීනුත් සම්බන්ධ ඇති .

:       0       15

චින්තක Wednesday, 26 October 2022 01:19 PM

මේ කතාව සහතික ඇත්ත.. මෙතන යාල වනෝද්‍යානයේ කිව්වාට ඇත්තටම එහි ගුවන් තොටුපොළක් හදන්න සූදානමක් තියෙනවද? නැත්නම් එතරම් විශාල පිට්ටනියක් වනෝද්‍යානයේ තියෙන්නේ කොහොමද? ඒක මොකක්ද කියන්න...?

:       0       0

dasun Wednesday, 26 October 2022 10:18 AM

සෝෂල් මීඩියා වලටත් ලංකාව වැනි රටක් පාලන කල හැකි බව පේ

:       0       2

senaWednesday, 26 October 2022 12:58 PM

පාලනයක් නැතිව නීතිය බල්ලන්ට ගිය රටේ යන්තම් හරි නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඔය සමාජ මාධ්‍ය නිසා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 298 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site