IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නැතිවූූ දුරකථනය ස්විස් කතට යළිත් ලැබෙයි

(කාංචන කුමාර ආරියදාස)

ස්විස්ටර්ලන්තයේ ​සිට මෙරටට පැමිණ  රංගිරි දඹුලු රජමහා  විහාරය නැරඹීමට පැමිණ ගලක්  මත අමතක වී ගිය ජංගම දුරකථනය  බස් රථ රියදුරෙකු විසින් ඇයට ලබාදීමේ සිද්දියක් අද (20) දින පස්වරුවේ වාර්තා විය.

ස්විස්ටර්ලන්තයේ සිට  ලංකාවට පැමිණි ඇය තම ජීවිතය බඳු හා ජංගම දුරකථනය සොයා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවට පත්ව සිටි බවත් ලංකාවේ ජනතාවට තමයි හදවතින්ම ස්තුතිය පළ කරන බව පවසන්නීය.

මෙම අපූරු සත් ක්‍රියාව සිදුකරනු ලැබ ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ සිට වන්දනා නඩයක් රැගෙන ආ  කුලියාපිටිය  ගොමුගමුව ප්‍රදේශයේ පදිංචි වජිර ජයමුණි  නැමති රියදුරු මහතෙකි.

ජංගම දුරකථනයෙන් ගලක් මත අමතක කොට නැවත හෝටලයට ගොස් ජංගම දුරකථනයේ හිමිකරු බවට පත්වූයේ  ස්විස්ටර්ලන්තයේ සිට මෙරටට පැමිණ සිටි යොහානා නැමැති කාන්තාවකි.

විදේශීය කාන්තාව රංගිරි දඹුලු රජමහා විහාරයට අයත් උයන්වත්ත පුරාණ රාජමහා  විහාරයේ රථ ගාල  ආසන්නේ බැම්මක් මත වාඩිවී සිටි  නැවත ඇය නැවතී සිටි  හෝටලයට ගොස් තිබේ.

පසුව ඇය තම ජංගම දුරකථනයෙන් අතුරුදන් වී ඇති බව හෝටල් හිමියාට පවසා තිබේ. තමන්ට තම  ජංගම දුරකථනයේ අංකය ද මතක නැති බව පැවසීමත් සමඟ හෝටල් හිමිකරු විසින් පොතක ඇයගේ ජංගම දුරකථන අංකය සටහන් කොට තිබීම නිසා එම අංකයට ඇමතුමක් ලබාගෙන ඇත .එම ඇමතුම ලබා ගන්නවත් සමඟ ජංගම දුරකථනය  සොයාගත් රියැදුරු මහතා ඇමතුම  ලබා ගන්නවත් සමඟ දුරකථනය විසන්ධි වී ඇත .

එම රියදුරු මහතාගේ දුරකථනයෙන් ලැබුණු ඇමතුම් අංකයට නැවත ඇමතුමක් ලබාගෙන තමන් සිටින ස්ථානය පිළිබඳව දැනුම් දී සංචාරක හෝටල් හිමියා ද සමඟින් මෙම කාන්තාව  රථ ගාලට ගෙන්වා දුරකථනය හිමි කාරිනියට ලබාදීම සිදු කර ඇත .

මෙම විදේශීය කාන්තාව දැඩි ලෙස සතුටට පත්ව කියා සිටියේ තමන් පළමුවරට ලංකාවට පැමිණි බවය. තම ජීවිතය බඳු වූ ජංගම දුරකථනය නොමැති වීම පිළිබඳව අපහසුතාවයට පත් වූ බවත් කෙසේ වෙතත් ලංකාවේ ජනතාව ඉතා හොඳ ජනතාවක් බවත් ඇය ඉතා සතුටු වන බවද සඳහන් කළාය.



අදහස් (9)

නැතිවූූ දුරකථනය ස්විස් කතට යළිත් ලැබෙයි

සෙනෙවිරත්න Saturday, 20 July 2024 08:02 PM

මල්ලි උඹ නියම ශ්‍රි ලාංකික පුතෙක්

:       0       138

රනේ Saturday, 20 July 2024 09:18 PM

ඔහු මහත්මයෙක්!

:       0       125

නිමන්ත Sunday, 21 July 2024 12:16 AM

සුපිරි මහත්මයෙක් . ලංකාවෙ සැබෑ අභිමානය පෙන්වූ ඔබට ප්‍රනාමය

:       0       24

D Abey Sunday, 21 July 2024 04:52 AM

මම ගොඩාක් අගය කරනවා මෙම දුරකතනය සොයා දුන් රියදුරුගේ පින්තුරයක් පල කිරිම ගැන.. ලාංකාවේ සිටින අවංක පුද්ගලයන් නිතර අගය කල යුතුයි

:       0       28

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 21 July 2024 05:43 AM

මේ සත්ක්‍රියාව කළ ඔබට මගේ සිරස නමා ආචාර කරමි සහෝදරයා . බොහෝ දෙනෙකු නොදැන සිටියත් මෙවැනි ක්‍රියා නිසා අපේ කුඩා රටේ කීර්තීය විදේශයන්හි වැඩි වෙනවා .සමාජ මාධ්‍ය මගින් අදහස් හුවමාරුවන මේ යුගයේ විදේශිකයන් තුල අප කෙරෙහි ඇත්තේ යහපත් හැගීම් නම් නොවේ .

:       0       23

ඉටෝයා Sunday, 21 July 2024 09:51 AM

නියම මිනිසෙක්.නුබේ ජීවිතය වාසනාවන්ත වේවා!

:       0       20

sujeewa Sunday, 21 July 2024 11:33 AM

නියම මහත්තයෙන් ....සුබ පැතුම්

:       0       12

Navy sbs Sunday, 21 July 2024 12:30 PM

මල්ලි අවංකවම රියදුරුත් දැකලා තියෙනවා... ඒ වගේම ඔයා වගේ රියැදුරෙක් දැක්කේ පළවෙනි වතාවට... ඔබලා තමයි මචං ලංකාවේ ඉන්නවා නම්.. ඔයාලාට තමයි බං පැලෙන්න හරියන්න ඕනෑ...

:       0       12

Asg Sunday, 21 July 2024 09:51 PM

නියම මහත්මයෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site