IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නීතිවිරෝධීව මෙරට සිටි ඉන්දියානුවන් 21ක් අත් අඩංගුවට

(ටී.කේ.ජී.කපිල සහ යොහාන් භාසුර)

සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ, වීසා කල් ඉකුත් වූ පසුත්, නීතිවිරෝධී ලෙස කිරුලපන ප්‍රදේශයේ නිවෙසක රැදී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ සූදු ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක නිරත වී සිටි ඉන්දීය ජාතිකයන් 21 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (18) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ .

ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශය යටතේ පවතින අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් විසින් තමන් සතු දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු , මේ බව අනාවරණය කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කර තිබුණි .

මෙසේ අත් අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් සියලුම දෙනා වයස අවුරුදු 22 ත් 36 ත් අතර පසුවන්නන් වූහ .

ඔවුන් කඩිනමින් ඉන්දියාව වෙත පිටුවහල් කිරීම සදහා වැළිසර පිහිටි රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබේ .



අදහස් (1)

නීතිවිරෝධීව මෙරට සිටි ඉන්දියානුවන් 21ක් අත් අඩංගුවට

Perakum Liyanagama Friday, 18 July 2025 08:43 PM

ඇයි ඉතිං මේ නීතිය හිටපු අමාත්‍ය ඩයනා ගමගේට ක්‍රියාත්මක නොකරන්නේ? එයා සුදු නිසාද? මොකක්ද මේ රටේ පවතින දෙබිඩි නීතිය? අපි හිතුවා අලුත් ආණ්ඩුව කියාගෙන ආපු විධියට නියමෙට හොරු අල්ලයි කියලා. දැන් බලපුවාම “උනුත් එකයි මුනුත් එකයි”

:       9       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site