IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


නතර වෙච්ච වැඩ අරඹන්න පාඨලී වරමක් ඉල්ලයි

 

(අංජුල මහික වීරරත්න)

කොළඹට යළි වසන්තය ගෙන ඒම සඳහා කොළඹ මහ නගර සභාවේ බලය තම පක්‍ෂයට ලබාදෙන ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

තමා එම ඉල්ලීම කරන්නේ කොළඹ නගරය ගොඩ නැගූ පිරිසක් වශයෙන් බවද රණවක මහතා කීය.

රණවක මහතා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ මහා නගර සභා අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් ආගමික ආශීර්වාද ලබා ගැනීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

"අපි 2019 මේ කොළඹ නගරයේ නතර කරපු වැඩ ගොඩක් තිබෙනවා.2019න්  පස්සේ එක ගඩොලක් වත් මේ කොළඹ නගරයේ අලුතින් තබලා නැහැ.අපි කොළඹ නගරයේ කසල ප්‍රශ්නය විසඳුවා.කොළඹ නගරයට කැලණි ගඟ නිසා ගංවතුර උවදුරක් තිබුණා.ඒ ප්‍රශ්නයත් අපි විසඳුවා. නමුත් කොළඹ නගරයේ තියෙන පිටාර ප්‍රශ්න විසඳන්න තව ව්‍යාපෘති ගණනාවක් තිබෙනවා යනුවෙන්ද පාඨලී චම්පික රණවක මහතා කීය.



අදහස් (18)

නතර වෙච්ච වැඩ අරඹන්න පාඨලී වරමක් ඉල්ලයි

කව්ද බෝයි Friday, 28 March 2025 01:15 PM

නතර වෙච්ච වැඩ අරඹන්න නගර සභාවට යන්න ඕනෙද? බිල්ඩින් කොන්ත්‍රාත් සමාගමක් ආරම්භ කරලා, නගර සභාවෙන් අඩු ලංසුවට ටෙන්ඩර් ටික ගත්තහම ඉවරනෙ?

:       10       62

අරවින්ද මොණරවිල Friday, 28 March 2025 01:35 PM

මං හිතන්නේ ගල් අගුරු ගැහිල්ල වගේ නතර වෙච්ච වැඩ ගැන වෙන්න ඇති මේ කියන්නේ!

:       5       42

අමරබන්දුFriday, 28 March 2025 03:22 PM

ගල් අඟුරු ගැහිල්ල නම් මෙයාගේ නෙවෙයි පවිත්‍රා වන්නිආරච්චිගේ..! ඒක පැහැදිලිව ඒ සම්බන්ධ වාර්තාවේ තිබුණා. ඒක ඇද්දෙත් මෙයාමද කොහේද?

:       4       12

Hafeel Friday, 28 March 2025 02:03 PM

ඇයි ඔයා පහුගිය මහ මැතිවරණයට තරඟ කළේ නැත්තේ? ඔයා දන්නවා කොළඹ දිස්ත්‍රික්කයේ අයගෙන් පරදිනවා කියලා. ඒකයි නාමල් වගේ සජප ජාතික ලැයිස්තුවෙන් එන්න හැදුවේ. ඔයාගේ නවත්තපු ව්‍යාපෘතිය දිගටම කරගෙන යන්න ඕන නම්, ඔයාට තරඟ කරන්න තිබුණා.

:       2       34

පොඩිඑකා Friday, 28 March 2025 02:26 PM

වරමක් ඉල්ලාගෙන ඇවිත් සරමත් නැතුව තමයි යන්න වෙන්නේ...!

:       3       44

B Amarasinghe Friday, 28 March 2025 02:28 PM

පෙන්නගෙන හිටියේ ජනාධිපතිකමට සුදුසුයි කියලා. ඒක මඟහැරියා. පාර්ලිමේන්තුවත් මඟහැරියා. පළාත්පාලනේ බලය ඇතිද දන්නෙ නෑ මෙයාගේ නවත්වපු මෙහෙවර පටන්ගන්න

:       2       31

බකල ජයා Friday, 28 March 2025 02:46 PM

ගෙදර නතර වෙන්න වරමක් ඉල්ලුවොත් මගේ මැරිච්ච සීයගෙයි, ආච්චිගෙයි ඡන්දත් අරගෙන දෙනවා.

:       0       47

ප්‍රියන්ත Friday, 28 March 2025 03:31 PM

ඉතිං ඇයි අනේ ඔයා එහෙම නතරවෙන තැනට වැඩ සිද්ධකරගත්තේ?

:       0       24

ලූට මූස් Friday, 28 March 2025 04:46 PM

වරම් දෙන්නේ දෙයියොනේ ලොක්කා….! හොඳ පූජා වට්ටියකුත් අරගෙන ළඟම තියෙන දේවාලෙට යන්න…!

:       0       23

බකල ජයාFriday, 28 March 2025 08:58 PM

දිරපු වහලක් තියෙන දේවාලයක් නම් තවත් හොඳයි..

:       0       13

ජිල්බු Friday, 28 March 2025 05:08 PM

සහයෝගෙට පස්සෙන් යන බුද්ධිමතුන්ට දවස් පඩිද, නැත්තං කොන්ත්‍රාත් ක්‍රමේටද ගෙවන්නේ? මමත් මෑන් පවර් එකක් කරන්නේ... උදව් කරන්න පුළුවන්...

:       1       24

ප්‍රියන්ත Friday, 28 March 2025 06:21 PM

කපු පෝස්ට් එකට පෙරේතකමේ දේවාලෙන් දේවාලෙට පැන පැන ගියේ නැතුව මුලිං හිටපු දේවාලෙම හිටියා නම්, මෙලහකට හොඳ වරමක් හම්බවෙලා...

:       0       13

Roshan Friday, 28 March 2025 10:32 PM

අර හොර ගෑණි එක්ක ඉඳලා එන ගමන් හප්පලා ආබාධිත කරපු කොල්ලාට සාධාරණයක් ඉෂ්ඨ කරන්න වෙන්න ඇති...

:       0       4

චතුරි Friday, 28 March 2025 11:57 PM

හැම වැඩක්ම අතරමග නතර කරලා. රටේ ජනතාවගේ මුදල් මේ අය කාබාසිනියා කෙරුවා. කොළඹ විතරක් නෙමේ... ඈත පිටිසර ගම්වලත් බාගෙට හදපු... ගොඩනැගිලි කෑලෑවට ගිහින්. මොකද සේරම මුදල් හොරාකෑවා. බලන්න කෙනෙක් නැහැ. බැලුවත් වැඩකුත් නැහැ. මොවුන්ගේ මහ එකත් හොරා නිසා. ජනතාව අතුගාලා දැම්මාට නිල මැස්සෝ තවම ඉන්නවා. මේ මැතිවරණයෙන්. බ්ලීච් දාලා. හෝදලාම අරින්න. මහ පොළවට පස් වෙන්න කිරි හැලියට. ගොම. හැලියක් එකතු වෙන්න කලින්...!

:       0       2

පොඩිඑකා Saturday, 29 March 2025 12:49 AM

ඔය මයික් ටික ඔක්කෝම නූලක ගැටගහලා අංගුලිමාලගෙ වගේ බෙල්ලෙ එල්ලුවා නං, තුං තිස් පැයේම ප්‍රකාෂ නිකුත් කර කර ඉඳීවි. ඒ ඇරෙන්න මෙයාට කරන්න පුළුවං බම්බුවක් නැහැ...

:       0       4

CHANDIMA Saturday, 29 March 2025 05:31 AM

මහ නගර සංවර්ධන ඇමැති වෙලත් උන්නා නේද? ඒ කාලේ ජනවරමක් නැතිවද උන්නේ?

:       0       4

Aruna Saturday, 29 March 2025 10:49 AM

ඇයි අප්පා අවුරුදු විසි තිස් ගණනක් ඔයගොල්ලන් බලයේ හිටියේ? ඔය හැම ආණ්ඩුවකම ඇමැති කෙනෙක් වෙලා හිටියනේ... ඒ කාලේ ඔය කියන වැඩ කළා නම් ... මේ වෙනකොට රටට මෙච්චර අමාරුවක් නැහැනේ... ඒ කාලේ වගකීම් පැහැර හැරලා දැන් කොහොමද ඒවා සම්පූර්ණ කරන්නේ..?

:       0       3

Rata Perata Saturday, 29 March 2025 01:30 PM

සංදර්ශන දාගෙන ලොක්කෝ වගේ හිටිය ඔක්කෝටම අන්තිමේදී ප්‍රාෙද්ශීය සභාවලින් පටන් ගන්න වෙලා. මේ තත්වය ඇතිකළ බුද්ධිමත් ජනතාවට ප්‍රණාමය.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 189 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1145 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site