
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නත්තල නිමිත්තෙන් පැවති දිව්‍ය පූජාවල දී දේවස්ථාන අටකට බැතිමතුන් පූජා කරන ලද පඬුරු මාදම්පේ ශාන්ත සෙබස්තියන් මුනිතුමාගේ දේවස්ථානයේදී පරීක්ෂාකර බැලීමේදී කළු පැහැති කුඩා ප්‍රමාණයේ පෙට්ටියක තිබූ ටී 56 උන්ඩ දෙකක් තිබී සොයා ගත් බව මාදම්පේ පොලිසිය පවසයි.
ජීව උණ්ඩ දෙකට අමතරව කාන්තාවන්ගේ අනවශ්‍ය රෝම ඉවත් කරන කුඩා ප්‍රමාණයේ අඬුවක් සහ රත්තරන් වල බර කිරීමට යොදා ගන්නා කුඩා ප්‍රමාණයේ මැනුම් උපකරණ හයක් ද තිබී පොලිස් භාරයට ගෙන ඇත.
මාදම්පේ සාන්ත සෙබස්තියන් මුනිතුමාගෙ දේවස්ථානයට අමතරව පොතුවිල මැදගම රත්නගිරිය කෝපියාවත්ත ඉරට්ටකුලම හරේන්ද්‍රගම සහ තරණ යන ප්‍රදේශවල පිහිටි දේවස්ථානවල නත්තල් දේවමෙහෙයන් පවත්වා ඇත.
බැතිමතුන් විසින් මෙම දේවස්ථානවලට පූජා කරන ලද පඳුරු සියල්ල මාදම්පේ සාන්ත සෙබස්තියන් මුනිතුමාගේ දේවස්ථානය වෙත ගෙන ඇවිත් සාන්ත සෙබස්තියන් මුනිතුමාගේ දේවස්ථානයට පූජා කරන ලද පඬුරුද සමග එකතු කර ඒවා එකිනෙක සේවකයකු පරීක්ෂාවට ලක්කර ඇතැයි මාදම්පේ පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙසේ පරික්ෂා කරන අවස්ථාවේ සුදු පැහැති බෑගයක බහා තිබූ මෙම කුඩා ප්ලාස්ටික් පෙට්ටිය හමුවී එය විවෘත කරන බලන අවස්ථාවේ ටී 56 උණ්ඩ දෙකහමුවී ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නත්තලේ පඬුරුවලට උණ්ඩ පූජා කරලා
Saman Sunday, 25 December 2022 07:32 PM
මේ තරම් පිරිහිලාද අප්පා අපේ ජාතිය.
jayasekara Monday, 26 December 2022 11:02 AM
සහරාන්ගේ බෝම්බයෙන් පස්සේ වැරදිකරුවන් සියල්ල බේරුනා .ඒකට උන භාරය ඔප්පු කරන්න වෙන්න බැරිද?