IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නත්තලේ ඉලක්කය ගැන ජනපති ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම රජයේ ඉලක්කය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

සැමට ප්‍රේමය පතුරන මනුෂ්‍යත්වය බෙදා දෙන පුරවැසියන් ලෙස සාමාජීය වගකීම ඉටු කිරීමට නත්තල් සමයේ සියලුදෙනා අදිටන් කරගත යුතු බවද පවසන ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජේසු තුමන්  මුළු දිවියම කැප කළේ සමාජයේ පීඩාවට පත් ජනතාව ඉන් මුදාගෙන යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා බවද ලංකාවෙි වත්මන් සමාජ හා ආර්ථික අර්බුද හමුවේ කිතු උපතේ යථාර්ථයට සමීප වෙමින්, මනුෂ්‍ය වර්ගයා එකිනෙකා කෙරෙහි දයානුකම්පාවෙන් හා ප්‍රේමයෙන් ජීවත්වීම සහ සමාජයේ පීඩිතව දිවි ගෙවන සහෝදර ජනතාවට පිහිටවීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දැක්විය හැකි උපහාරය බවද ජනාධිපතිවරයා පැවසීය.



අදහස් (7)

නත්තලේ ඉලක්කය ගැන ජනපති ප්‍රකාශයක්

ase Sunday, 25 December 2022 10:36 AM

මෙවැනි වගකීමෙන් සහ වගවීමකින් තොර යතාර්තයක් නොමැති ප්‍රකාශ

:       3       15

C.K.Lankaputhra Sunday, 25 December 2022 11:15 AM

ඔය කියන ඉලක්ක ලඟා කරගන්න හිතාගෙන ඉන්නේ 2025 ද 2050 ද සෑර්.

:       1       14

Jagath Sunday, 25 December 2022 12:15 PM

රටේ මහජනතාවට තියෙන එකම ඉලක්කය තමුන් ඇතුළු මේ රට විනාශ කරන පර සක්කිලි කාලකන්නි දේශපාලුවෝ ටික එළවා දැමීමයි.

:       0       7

Sunil Sunday, 25 December 2022 12:42 PM

නොදන් බන දොඩන්නේ නැතුව ඉල්ලා අස් වුනානම් හොඳයි. පොහොට්ටුවත් සමග එක්වී රටට තව වින කරන්නේ නැතුව.

:       0       7

Kumara Sunday, 25 December 2022 03:21 PM

අපි බල්ලො බල්ලියො‌ ගෙදර හැදිල්ල නැවැත්තුව.

:       0       1

Don perea Monday, 26 December 2022 01:40 AM

බලු සුරතලුන් පරිස්සම් කරගන්න

:       1       2

Viparama Monday, 26 December 2022 05:46 AM

කරුණාකරල ඔය කියන වදන් වලට හරි යන ආකාරයට දැන්වත් ඔබතුමාගෙ නුවණ සහ බලතල පාවිචිච් කරලා රට කරවන්න . එක වරකට එක පොඩි දෙයක් ගානෙ හරියට කරල බලන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 109 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 914 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 625 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site