IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


නීතිඥයෝ 350ක් අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටිති

(නිමන්ති රණසිංහ)

ගාලුමුවදොර අරගල භූමියේදී අද (22) අලුයම සිදුවූ සිද්ධියෙන් අත්අඩංගුවට ගත් නීතීඥ නුවන් බෝපගේ ඇතුළු සැකකරුවන් නව දෙනා එක් අයකුට රුපියල් 10,000/=ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප 2ක් මත මුදා හැරීමට කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා අද (22) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ නඩුව කැඳවලා  ඉදිරි දිනයේදී සැකකරුවන්ගේ ඇප අධිකරණයට තැන්පත් කිරීමට නියම කළ අධිකරණය, ඔවුන් පුද්ගලික ඇප මත මුදා මැරීමට ද මෙහිදී නියම කළේය.

මෙම සැකකරුවන් නවදෙනා අතර සිටි සැකකරුවන් දෙදෙනකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන  අතර ඔවුන් දෙදෙනාටද අධිකරණයෙන් ඇප නියම විණි.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, සරත් ජයමාන්න, රියෙන්සි අර්සකුලරත්න සහ උපුල් ජයසූරිය යන මහත්වරුන් ප්‍රමුඛ තුන්සිය පනහකට අධික නීතිඥ මඩුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළහ.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා සමග කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝෂාන්ද ඩයස්, සහකාර පොලිස් අධිකාරී විල්ලකවාඅරචිචි, කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

 



අදහස් (12)

නීතිඥයෝ 350ක් අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටිති

Lelwala Friday, 22 July 2022 09:01 PM

මුන් තමා මේ රට කන්නෙ

:       11       167

Senaka Friday, 22 July 2022 09:19 PM

අන්න එහෙම තමයි. ඉස්සරහට බිස්නස් එකට ආයෝජනයක් විදියට ‍ෆ්‍රී පැක් එකක් දෙන්න ඕන. පස්සෙ ඕකුන්ට දිගට හරහට නඩු වැ‍ටුනම ඔව්වටත් එක්කම ගන්න පුලුවන්. අපේ හරක් හිතන් ඉන්නේ මුන් මේ රටට ආදරේට අරගලේ උන්ට සප් එක දෙනව කියලා. ඔහොම යන්..

:       9       94

කිරි පුතා Saturday, 23 July 2022 01:08 AM

දීකිරි වලට බළල්ලු ශාක්සි . මේ කිසිම දෙයක් රටට ප්‍රයෝජනයක් ඇති දේවල් නොවෙයි. රටේ සැබෑ ප්‍රශ්න ය ආර්ථික ය. ඒක ගොඩදාන්න හැම කෙනෙක් ම තමන්ට කළ හැකි දේ රට වෙනුවෙන් කරනව මිසක තැන තැන කා⁣ලෙ කා දමන එක තේරුමක් නෑ. අරගලය කියන්නෙ තනිකරම නරක යටි අරමුණු ඇති ව්‍යාපාරයක් . තමන්ට අවශ්‍ය නායකයින් පත්කරගන්න පුලුවන් ඡන්දයකදී.

:       10       71

ruwan Saturday, 23 July 2022 06:03 AM

අරගල කාරයෝ වගේම මෙන්න මේ ගොල්ලොත් මේ හැම එකකටම වග කියන්න ඕනෑ.

:       0       0

Mangala Saturday, 23 July 2022 06:36 AM

මේ පිස්සො තමයි අරගල හරක් ටික චූන් කරවලා රට අරාජික කරවන්නේ.

:       9       56

රොනි Saturday, 23 July 2022 07:02 AM

ඒ ගොල්ල ඔනෙ තරම් අලුත් කඩෙ ගස් යට ඉන්නෙ .

:       8       34

Janitha Saturday, 23 July 2022 07:06 AM

මේ අයට ඇප දෙන්න එපා.. තවත් රට ඉවරයි...!

:       0       0

M.vijitha Saturday, 23 July 2022 09:26 AM

කොරෝනා වසංගතය නිසා ආදායම අහිමිව සිටි කළු කබා කරුවන් මිරිහානේ ජනාධිපති නිවසට පහර දීම, ගිනි තැබීම් වෙනුවෙන් කළු කපුටන් වැනි කෝටි කරුවන් දුසිම් ගණන් පෙනී සිට අපරාධ අනුමත කරන ජන මතය හදා ගත්තා. ඊට පස්සේ රටම මෝඩයන් ගිනි තිබ්බා. දැන් කෝටි ගනන් දේපළ ගිනි තැබූ අය ඇප නැතුව මාස හයක් ඇතුලේ. දැන් නොමිලේ පෙනී සිටි කපුටු කළු කෝට් කරුවන් සල්ලි ඉල්ලයි. දැන් කළු කෝට් කබා කරුවන්ගේ රස්සාව හරි. අරමුණු සාර්ථකයි. මෝඩ ගිනි තියපු, විනාශ කල අය ඇප නැතුව ඇතුලේ මාස හයක්.

:       8       57

nisira Saturday, 23 July 2022 10:12 AM

ආදරයේ අරගලය පැහැදිලිව දේශපාලන මෙහෙයුමක් බව මෙවර 2022 මයි 01 දා රැලියෙන් තහවුරු උනා. එහෙම තියෙත් දී අපි දුටුව අංගවිකල වූවන් රෝගීන් මෙන්ම අබාදිතයන් පුංචි දැරුවන් පවා වඩාගෙන පුද්ගලයන් මෙයට සම්බන්ධවෙනව. අපේ නීතිය තුල දරුවන් මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත වූවන් මෙයට සම්බන්ධ කර ගැනීම වැරදිනැත් ද? මානාව හිමිකම් සංවිධාන දින 100 ක් ගතවීත් මෙය නිවැරදි නොකළේ ඇයි ද පිළිතුරු දිය යුත්තකි. අපගේ නීතිඥ මහත්වරුද මෙය නොදැකීම දුකකි.

:       8       55

කමල් Saturday, 23 July 2022 10:13 AM

කොරිඩෝ ලෝයර්ස්...

:       7       36

අමා Saturday, 23 July 2022 10:30 AM

ඕකටත් කට්ටිය පොරකනව ඇති. මොකද ඩොලර් ගලනවනෙ.කියන්නෙනම් නොමිලේ කියල.

:       6       34

සෝමා Saturday, 23 July 2022 12:51 PM

නඩු නැත්නම් කොට උඩ තමයි...

:       2       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 330 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site