
(අජිත්ලාල් ශාන්තඋදය)
නඩු භාණ්ඩ නිසියාකාරව උප සේවයට භාර නොදී ළග තබා ගෙන සිටීම හේතුවෙන් වැඩ තහනම් වී සිටින කුරුවිට පොලිස් ස්ථානයේ රාජකාරි කළ පොලිස් නිළධාරින් හතර දෙනකු මේ මස 23 දින දක්වා රිමාන්ඩ්භාරයේ තබන ලෙස රත්නපුර මහේස්ත්‍රාත් සමන්ගවීගකේග පරණලියන මහතා නියෝග කළේය.
මේසේ රිමාන්ඩ්බාරයට පත්කෙරුණේ උප පොලිස් පරීක්ෂක මහානාම සිරිවර්ධනලාගේ දයානන්ද සිරිවර්ධනල පො.සැ.22537 කොම්බුගේ රත්න කුමාර ප්‍රියශාන්ත, පො.සැ.70199 සේපාල ලියනගේ සුසන්තල පො.කො.81823 රත්නායක යන නිලධාරීන් ය.
කුරුවිට පොලිස් වසමේ පොහොරබාව ප්‍රදේශයේ දී පසුගිය මැයි 29 දින මෙම නිලධාරීන් කරන ලද වැටලීමකදී වන නීති විරෝධි මත්පැන් වන කසිප්පු ළග තබා ගන්නා ලද පුද්ගලයෙකු කුරුවිට පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇතග එහෙත් එම නඩු භාණ්ඩ නිසියාකාරව උප සේවයට භාර නොදී ළග තබා ගෙන සිටිය බවට රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමාගේ නියෝග මත රත්නපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් සිදුකරන ලදීග එම විමර්ශනය අනුව මෙම නිලධාරින් සිව් දෙනාගේ වැඩ තහනම් කර තිබුණි.
.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1703
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නඩු භාණ්ඩ ළඟ තබාගෙන සිටියැයි කුරුවිට පොලීසියේ හතරක් රිමාන්ඩ්