IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නඩු භාණ්ඩ වෙන්දේසිවලින් චණ්ඩිපාට් දමා වාහන ගන්න කල්ලියක්

(යොහාන් භාසුර)

අධිකරණය රාජසන්තක කළ නඩු භාණ්ඩ වෙන්දේසිවලට වාහන ලබාගැනීමට පැමිණෙන සංවිධානාත්මක කල්ලියක් හේතුවෙන් වෙන්දේසිවලට සහභාගි වන සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවට පත්වන බවත් අදාල සංවිධානත්මක කල්ලිය හේතුවෙන් රජයට විශාල ආදායමක් අහිමිවන බවත් ජනතාව චෝදනා කරති.

මෙම සංවිධානාත්මක කල්ලිය රට පුරා අධිකරණවල වෙන්දේසිවලට සහභාගි වී යතුරුපැදි සහ සෙසු වාහන මිලදීගැනීමට පැමිණෙන සාමාන්‍ය ජනතාවට බලපෑම් කරමින් වාහනවල රජයේ තක්සේරු මුදලට වඩා සුළු වැඩි මුදලකට ලබාගන්නා බවත් ජනතාව පවසති.

අධිකරණයේ වෙන්දේසිය පැවැත්වෙන අවස්ථාවේදී එම කල්ලියට සම්බන්ධ නොමැති පුද්ගලයෙක් අදාල වාහනවලට මිලක් ඉදිරිපත් කළ හොත් කල්ලියේ සාමාජිකයෙක් අදාල ඉල්ලුම්කරු අසළට පැමිණ බලපෑම් කර ඔහු නතර කරන බව ද කියන ජනතාව රජයේ තක්සේරු මුදලට වඩා වැඩි විශාල මුදලකට අළෙවි කළ හැකි වාහන අදාල කල්ලිය අඩු මිලකට ලබාගන්නා බව ද සඳහන් කරති.

එම කල්ලිය අඩු මිලකට ලබාගන්නා වාහන අධිකරණය භූමියෙන් පිටතට ගෙන ගොස් නැවත වැඩි මිලට විකුණා අධික ලාභය කල්ලියේ සාමාජිකයන් අතර බෙදාගන්නා අතර ඒ අනුව සාමාන්‍ය ජනතාවට වැඩි මිලට අදාල කල්ලියෙන් මිලදී ගැනීමට සිදුව තිබේ.  

මෙම කල්ලියට කොළඹ, කුරුණෑගල, පානදුර සහ මහරගම ආදි දිවයින පුරා ප්‍රදේශ රැසක පුද්ගලයන්ගෙන් සමන්විත බවත් අධිකරණවල වෙන්දේසි අවස්ථාවලට බුද්ධි අංශ නිලධාරීන් යොදවා මේ සම්බන්ධයෙන් බලධාරීන් කටයුතු නොකළ හොත් රජයට ඉදිරියේදී විශාල ආදායමක් අහිමිවන බවත් ජනතාව පවසයි.

“ඔයා ඉල්ලන්න එපා ඇයි රජයට සල්ලි දෙන්නේ. එළියෙදි අපෙන් ගන්න පුළුවන්” යැයි අදාල කල්ලියේ සාමාජිකයන් ජනතාවට බලපෑම් කරන බව ද පැවසේ.

එම කණ්ඩායම්වල සාමාජිකයන්ට ඇති බිය හේතුවෙන් සාමාන්‍ය ජනතාව වෙන්දේසිවලින් ඉවත්වන බව ද වාර්තා වේ.
හොරණ මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ ඊයේ (11) පෙරවරුවේ පැවැති නඩු භාණ්ඩ වෙන්දේසියේ ද එම සංවිධානාත්මක කල්ලිය ජනතාවට බලපෑම් කළ බව වාර්තා වන අතර එහිදී එම කල්ලියේ සාමාජිකයන් සාමාන්‍ය ඉල්ලුම්කරුවන් අසළට පැමිණ බලපෑම් කළ බව ද වාර්තා වේ.

රුපියල් 950,000 කට තක්සේරු කර තිබූ විශාල ප්‍රමාණයේ ලොරි රථයක් අදාල කල්ලිය සංවිධානාත්මකව රුපියල් 966,000 ක මුදලකට ලබාගත් බවත් එම ලොරි රථයේ විවෘත වෙළෙඳපොල වටිනාමක රුපියල් ලක්‍ෂ 20 ඉක්මවන බවත් දැනගන්නට තිබේ. 



අදහස් (5)

නඩු භාණ්ඩ වෙන්දේසිවලින් චණ්ඩිපාට් දමා වාහන ගන්න කල්ලියක්

Prabha Sunday, 12 February 2023 04:00 PM

උසාවියේ විතරක් නොවේ... වරායෙත් සිද්දවෙනවා. ඕවා පිටුපස තියෙන්නේ දේශපාලනය...

:       0       30

ප්‍රමෝද්‍ය Sunday, 12 February 2023 07:12 PM

ඊළඟ වතාවේදී අපිත් ඉදිරිපත්වෙනවා,බලමු ඒ චන්ඩි හපුයියෝද අපිද කියලා !!! අපි ඉස්සෙල්ලාම බලාගන්නේ උන්ගේ ගෙවල්.වෙන්දේසියේදී පොඩිහරි බලපෑමක් කලොත් උන්ගේ ගෙවල් ගිනිතියලා දානවා, කට්ටිය ගෙදර යන්න කලින්ම. මේ ඇත්තටම.

:       0       2

ගජමිතුරු Monday, 13 February 2023 06:19 AM

මේවා නවතන්න ටෙන්ඩර් දැමීම කරන්න පුළුවන්. අනෙක වෙන්දේසියේදී මිළට ගන්නා කෙනෙකුට අවුරුදු තුනක් වත් යනතුරු විකිණීමට නොහැකි ලෙසට නීති හදන්න ඕන. තවත් එකක් අධිකරණය විසින් වාහනය ගැනුම්කරු ගැන විස්තරයක් මෝ.ප්‍ර.කොමසාරිස්වරයා වෙතට දන්වා ඔහු නමින් වෙන්දේසි දිනයේ සිටම ලියාපදිංචි කරන්න ඕන.වෙන්දේසියේ මිළට ගන්නා පුද්ගලයා ගැන ආදායම් බදු දෙපාර්තමේන්තුවට දැන්වීමත් අවශ්‍ය වෙනවා එහෙම කලොත් ඔය ප්‍රශ්න එතරම්ම ගැටලු නොවේවි

:       0       2

Gunasinghe Monday, 13 February 2023 08:33 AM

තක්සේරුව වැරදියි නේද

:       1       0

swene Monday, 13 February 2023 08:32 PM

නඩු භාණ්ඩ පමණක් නොවෙයි, වරායේ වැනි තැන්වලත් රාජ සන්තක කළබඩු වෙන්දේසි කරනකොට මාෆියා කල්ලි තියෙනවා. බදු කොටසක් පිල්ලි යනවා. කවද්ද අපි ගොඩඑන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site