IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගිනි අවියෙන් මිනී මරලා

(ඩී.ඒ.පතිරණ සහ ජයන්ත ජයවර්ධන)

මාතර, දික්වැල්ල මෝදර කන්ද පන්සල වත්තේදී පසුගිය අගෝස්තු 15 දින සිදු කළ ඝාතනයට යොදා ගෙන ඇත්තේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුභාණ්ඩයක් ලෙස තැන්පත් කර තිබූ ගිනි අවියක් බවට අණාවරණය වි ඇත.

වෙඩි තැබීමට යොදාගත් මෙම ගිනි අවිය දික්වැල්ල මූදුගමුව කැලයක සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්යා බළකායේ නිළධාරින් සොයා ගනු අතර එම ටී 56 ගිනි අවිය වැඩිදුර විමර්ශන සදහා දික්වැල්ල පොලීසියට භාර දී ඇත.

එම ගිනි අවිය සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී අනාවරණය වි ඇත්තේ හක්මණ පොලීසියට නිකුත් කර තිබූ ගිනි අවියක් බවත් 2009.06.18 දින පොලිස් වෙඩි තැබීමකින් හක්මණ පොලිස් වසමේ පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් නඩු අංක බීආර් 311/2009 නඩුවට අදාලව ටී 56 ගිනි අවි දෙකක් සහ රිවෝල්වරයක් අධිකරණය භාර යට ගෙන තිබූ අතර එම ගිනි අවි 2009.08.03 දින රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇති අතර නැවැත 2016.03.03 දින ගිනි අවි තුන මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාර දී ඇත.

මාතර උයන්වත්ත දකුණ පදිංචිව සිටී 45 හැවිරිදි මූදුගමුව ආරච්චිගේ සංජීව නොහොත් මොරටු සංජීව නැමැති අයට වෙඩි තබා මරා දැමීමට යොදා ගෙන ඇත්තේ මෙම ගිනි අවිය බවයි.

එහි තැන්පත් කර තිබූ අනෙක්  ටී 56 ගිනි අවිය සහ රිවෝල්වරය මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ඇති බවත් වෙඩි තැබීම සදහා යොදා ගත් ටී 56 ගිනි අවිය මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයෙන් අතුරුදහන් වීම පිළිබදව පුළුල් විමර්ශණයක් පොලිසිය මේ වන විට ආරම්භ කර ඇති බවට වාර්තාවේ.

 



අදහස් (2)

නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගිනි අවියෙන් මිනී මරලා

fairoos Monday, 04 September 2023 12:58 PM

ඔයා එන්නේ අපේ පොලිසියේ මහත්තුරුන්ගේ කෙරුවාවල්

:       3       4

k.a.c.jayawardana Monday, 04 September 2023 01:43 PM

අධිකරණයේ නඩු භාණ්ඩ නැති වුනාම පොලිසිය පලිද

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 339 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site