IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නඩු නොදා ඉන්න රු:500ක් ගත් සැරයන් වසර 4කට සිපිරිගෙට

(මනෝප්‍රිය ගුණසේකර)

රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී  රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පොලිස් සැරයන්වරයකුට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

රුපියල් 20000/-ක දඩයකටද විත්තිකරු යටත් කළ මහෙස්ත්‍රාත්වරයා විත්තිකාර පොලිස් සැරයන්වරයාට පැනවු  වසර 04ක බරපතල වැඩ සහිත සිරදඬුවම් කාලය වසරක කාලයකින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.

පොලිස් රථවාහන අංශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශ වලින් අනතතුරුව විත්තිකාර පොලිස් සැරයන්වරයාට එරෙහිව අල්ලස් කොමිසම කළ විමර්ශනයකින් අනතුරුව ඔහුටඑරෙහිව නඩු පවරා තිබිණී.

රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී  රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලීම සහ රුපියල් 500/-ක අල්ලසක් ලබා ගැනීම යන චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව චෝදනා 04ක් යටතේ අල්ලස් කොමිසම නඩු පවරා තිබිණී.

මේ සම්බන්ධයෙන් පැවති දර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුටට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ මහෙස්ත්‍රාත්වරයා චෝදනා 04ටම විත්තිකරු වරදකරු බවට තීරණය කළේය.



අදහස් (5)

නඩු නොදා ඉන්න රු:500ක් ගත් සැරයන් වසර 4කට සිපිරිගෙට

Hafeel Friday, 29 March 2024 05:58 PM

හැබැයි කප්පම් ඇමැතිට අත්හිටවූ දඬුවම්...!

:       0       24

Muthu Friday, 29 March 2024 06:17 PM

ජන සංඛ්‍යා දෙපාර්තමේන්තුවට අනුව පවුලක ජීවන වියදම, 144% කින් වැඩිවෙලා. ඉතින් මිනිස්සු හැමෝම පුංචි හොරකම් වුණත් අවදානමක් අරගෙන කරනවා. නයිජීරියාවේ අත දරුවාගේ ඉඳලා හොරකම් කරනවා. අපි යන්නෙත් ඒ දිහාට නේද? අඩු ගානේ ඩොලර් මිලියනයට එහා හොරකම් කරපල්ලා. එක කොලුවෙක් හරි හමන් රස්සාවක් නැතුව ඩොලර් මිලියන 330 රොකට් එකක් ඇරියා. ඒක හොයා ගන්නවත් නෑ. ඉන්දියාවට හඳට යන්නම ගියේ ඩොලර් මිලියන 76යි. කිසි කෙනෙක් ඇහැව්වේ නෑ කොහෙන්ද ඔයාට ඔය සල්ලි කියලා...?

:       2       24

KAHAWITA Saturday, 30 March 2024 04:28 AM

ඔය වගේ මිනිස්සුන්ට තමයි නීතිය අකුරටම බැරිවෙලා... මහ හොරෙක් අහුවුණොත් නිදොස් කොට නිදහස්...

:       0       4

Rohana Saturday, 30 March 2024 07:51 AM

රාජ්‍ය සේවයෙන් ලබන වැටුපෙන් ජීවත්වීමට අපහසු නිසා සමහරු අල්ලසට පෙලඹී සිටිනවා. ඒ නිසා නරක දෙයක් වුණත් අල්ලස මුලිනුපුටා දමන්න අමාරුයි. ලොක්කන් කෝටි ගණන් අල්ලස් කොමිස් ගන්නා විට අනිත් අයත් තම ශක්ති ප්‍රමාණයෙන් සුළු මුදලක් හෝ අල්ලස් ගන්න බලනවා.

:       2       2

Kapila Saturday, 30 March 2024 10:37 PM

කෝටි 2000 ක් ඉල්ලපු නිමල් සිරිපාල නිදහස්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site