IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


නඩුව අවසන් වන තෙක් ’’හරක් කටා’’ රැදවුම් බාරයේ

(මනෝප්‍රිය ගුණසේකර)

රහස් පොලිස් අත්අඩංගුවෙන් පලායැමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු නඩු කිහිපයකම විත්තිකරුවකු වන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නඩු විභාගය අවසන් වන තෙක් රැඳවුම් නියෝග මත තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය භාරයේ රඳවා ගැනීමට ආරක්ෂක ලේකම්වරයා තීරණය කර ඇති බව නීතිපතිවරයා කොළඹ මහාධිකණ විනිසුරු සුජීව නිශ්ශංක මහතාට අද  (08) දැනුම් දුන්නේය.

විත්තිකාර ‘හරක් කටා’ නමැත්තාගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන මත ආරක්ෂක ලේකම්වරයා මෙම තීරණය ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී සූම් තාක්‍්ෂණය ඔස්සේ විත්තිකාර හරක් කටා අධිකරණය සමඟ සම්බන්ධ කළ අතර සෙසු විත්තිකරුවන් සිව්දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා කරුණු දක්වමින් විත්තිකරුගේ රැඳවුම් නියෝගය අවසන් වීමෙන් පසු විත්තිකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට මුලින් තීරණය කර තිබුණත් විත්තිකරුගේ ආරක්‍ෂාව සැලකිල්ලට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන මත නඩු විභාගය අවසන් වනතුරු ඔහු රැඳවුම් නියෝග මත රඳවා ගැනීමට තීරණය කර ඇතැයි දැනුම් දුන්නේය.

විත්තිකාර හරක් කටා නමැත්තා තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය භාරයේ තවදුරටත් රඳවා ගැනීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා දැනුම් දුන්නේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා කරුණු දක්වමින් රජයේ නීතිඥවරයාගේ දැනුම්දීම පිළිබඳ දැඩි විරෝධය පළ කළේය.

වසර දෙකක පමණ කාලයක් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටි තම සේවාදායකයා රැඳවුම් නියෝග අවසන් වීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කිරීමට සුදානම් බව මීට පෙර අධිකරණයට දැනුම්දී තිබියදීත් නඩු විභාගය අවසන් වනතුරු මෙලෙස රඳවා ගැනීමට කටයුතු කිරීම යුක්ති සහගත නොවන්නේ යැයි කී නීතිඥ ජාලිය සමරසිංහ මහතා මේ තත්වය යටතේ සාධාරණ නඩු විභාගයකට පෙනී සිටීමට තම සේවාදායකයාට ඇති අයිතිය අහිමි වන්නේ යැයිද පෙන්වා දුන්නේය.

කරුණු සළකා බැලීමෙන් අනතුරුව නඩු විභාගය ලබන 24 වැනිදාට කල් තැබු විනිසුරුවරයා විත්තිකරුවන් එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙෂ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.



අදහස් (0)

නඩුව අවසන් වන තෙක් ’’හරක් කටා’’ රැදවුම් බාරයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1545 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site