IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නඩත්තු අඩු පාඩුව හේතුවෙන් දිනකට දුම්රිය 14 ක් නවතී

 

(යොහාන් භාසුර)

දුම්රිය අමතර කොටස් නොමැති වීම නිසා මේ වන විට දිනකට දුම්රිය ගමන් වාර 14 ක් පමණ අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කරන බවත්  මෙම තත්වය හේතුවෙන් ජනප්‍රියම සහ පහසුතම පොදු ප්‍රවාහනය වන දුම්රිය  භාවිතා කරන මගී ජනතාව අපහාසුතාවට පත්ව ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ධාවනයට සුදුසු නොවන මැදිරි හා එන්ජින් ගෙන්වා එම දුම්රිය මැදිරි හා එන්ජින් කිහිපයක් මේ වන විට ධාවනයට එක්කර ඇති බව කී කසුන් චාමර මහතා එම ප්‍රමිතියෙන් තොරව මැදිරිවලට වඩා 1980 වර්ෂයේදී ආනයනය කළ මැදිරි ධාවනයට සුදුසු වුවද එම මැදිරි මේ වන විට ධාවනයෙන් ඉවත් කර නඩත්තු නොකරන තත්වයකට පත්කර ඇති බව ද සඳහන් කළේය.

දුම්රියවලට අවශ්‍ය ලිහිසි තෙල් නොමැති වීම සහ එන්ජින්වලට මෙන්ම මැදිරිවලට අවශ්‍ය විවිධ අමතර කොටස්වල දැඩි හිඟයක් පවතින අතර ඒ සඳහා කඩිනම් මැදිහත්වීමක් කිරීමට අදාළ දුම්රිය පාලනාධිකාරි නිලධාරින්  මැදිහත් නොවීම ගැටලුවක් බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක සංඛ්‍යාව 19,382 ක් වියයුතු වුවද මේ වන විට 10,500 කට ආසන්න සේවක සංඛ්‍යාවක් පමණක් සේවය කරන බවත් කසුන් චාමර මහතා කියයි.

මෙම අර්බුධකාරී  තත්ත්වය  දිගින් දිගටම පැවතිය හොත් දුම්රිය මාර්ගවල නිසි නඩත්තු කටයුතුවලට අවශ්‍ය කොටස් කඩිනමින් නොලැබෙන්නේ නම් ඉදිරියේදී දුම්රිය මාර්ග දෝෂ හේතුවෙන් වැඩි දුම්රිය ප්‍රමාණයක් පිලීපැනීම්වලට ලක්වීම ද සිදුවනු ඇති බවත් අමතර කොටස් නොමැති වීම හේතුවෙන් ඉදිරියේ ධාවනයට සුදුසු  දුම්රිය කට්ටල  නොමැති වීම නිසා යැයි පවසා වැඩි දුම්රිය ගමන් වාර ප්‍රමාණයක් අවලංගු වීමේ අවදානමක් නුදුරේදීම මගී ජනයාට අත්විදීමට සිදුවනු ඇති බවත් කසුන් චාමර මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

දිනෙන් දින වන දුම්රිය පිලීපැනීම්, ධාවනය වන දුම්රියවල නිරන්තරයෙන් කාර්මික දෝෂයන් ඇතිවීම සහ දුම්රිය නොමැති බව පවසා කාර්යාලයීය දුම්රිය අවලංගු කිරීම පිළිබඳව අවධානය යොමු කර දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එසේ පැවසීය. 



අදහස් (0)

නඩත්තු අඩු පාඩුව හේතුවෙන් දිනකට දුම්රිය 14 ක් නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site