IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නඩත්තුව නැතුව වාහන ලක්ෂ 10 ක් කොට උඩ

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

අළුත්වැඩියා කිරීමට සහ සේවා සැපයීමට මුදල් නොමැතිකම හේතුවෙන් රටපුරා මෝටර් රථ සහ යතුරු පැදි ඇතුළු වාහන ලක්ෂ දහයකට වැඩි  ප්‍රමාණයක් ධාවනය කිරීමට නොහැකි වන තත්වයක් උදාවී ඇතැයි වාහන අලුත්වැඩියා ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේය.

මින් වාහන අඩකට ආසන්න සංඛ්‍යාවක්  නිසි සේවා සැපයුම් නොමැතිවීම හේතුවෙන්  සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යව ඇතැයි වාර්තා වේ.

වාහන අමතර කොටස් මිල දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළගොස් ඇති හෙයින් බොහෝ වාහනවලට  අමතර කොටස් යෙදවීම බෙහෙවින් අඩුවී ඇති බවත් වාහනවල පැවැත්ම මේ හේතුවෙන් විශාල ලෙස අඩු වී ඇති බවත් වාහන සේවා සැපයුම්කරුවෝ
පෙන්වා දෙති.

බොහෝ වාහනවල සේවා සැපයුම් කාලය ඉක්මවා ගොස් ඇතත් ඒවා සේවා සඳහා යොමු කිරීම ප්‍රමාද වන තත්වයක් දක්නට ලැබෙන බවද  ඔවුහු සඳහන් කරති.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන වාහන සඳහා සේවා සැපයීම සහනදායි ආකාරයට කර ගැනීමට වැඩපිළිවෙලක් යොදන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් ලංගම ඩිපෝ මේ සඳහා යොදා ගත හැකි බවත්  වාහන හිමිකරුවෝ පවසති. මෙය ලංගමට අමතර ආදායමක් උපයාගත හැකි මාර්ගයක් බව ඔවුහු වැඩිදුරටත්  පෙන්වා දෙති.

මේ අතර කොරෝනා  හේතුවෙන් රට වසා දැමූ සමයේදී  නිසි සේවා නඩත්තුව නොලැබීම නිසා වාහන විශාල ප්‍රමාණයක්  ධාවනයට නුසුදුසු තත්ත්වයට පත්වූ බව වාහන අලුත් වැඩියා  නියෝජිතයෝ  පවසති.

මේ රටේ ධාවනයට එක් කර ඇති සමස්ත වාහන සංඛ්‍යාව ලක්ෂ 60කට ආසන්නය.  ඉන් වැඩි ප්‍රමාණයක් යතුරු  පැදි සහ ත්‍රී රෝද රථ වේ.



අදහස් (3)

නඩත්තුව නැතුව වාහන ලක්ෂ 10 ක් කොට උඩ

ravin Sunday, 05 March 2023 01:14 PM

ඉන්ධන ඉල්ලුමේ අඩුවක් තියෙනවා කියලා කවුදෝ උඩුබිරුවා නේද? තවකෙක් නගුට වැනුවා නේද? අපි ඩොලර් අච්චර ඉතුරු කළා. මෙච්චර ඉතුරු කළා... ඔන්න හේතුව...

:       0       0

fairoos Sunday, 05 March 2023 01:46 PM

කොරෝනා නෙවෙයි, නන්දසේන සහ සෙට් එක රටට කරපු වින...

:       0       0

pakeer Sunday, 05 March 2023 08:27 PM

මම දන්න කිසිම වාහනයක් මෙහෙම නැවතිලා නැහැ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site